Home » ජන්ම පත්‍රයේ ගෝචර ගමන සිදුවන්නේ මෙහෙමයි

ජන්ම පත්‍රයේ ගෝචර ගමන සිදුවන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ජන්මියාට විශාල ලාභ හිමිකර දෙන ග්‍රහයෝ

මෙහි සඳහන් ජන්ම පත්‍රය අයත් ජන්මියා විශාල ලාභ ලබන්නේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් සහයෝගය ලැබෙන විටදීය.   

මේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, සඳු, රාහු, කුජ, රවි, කේතු, ශනි, බුධ සහ සිකුරු වෙති.

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 27 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 26 වැනි දින දක්වා කේතුගේ මහ දශාවේ සඳුගේ භුක්තිය පවතියි. මෙම කාල සීමාව තුළ මහ දශාව අධිපති කේතු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන්නේ මෙසේ ය.

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 27 වැනි දින මහ දශාව අධිපති කේතු ග්‍රහයා තුලා රාශියේ 7 වැනි භාවයේ රාහුගේ නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක ගෝචරය වෙයි.

මේ ජන්ම පත්‍රයේ රාහු 1 වැනි භාවයේ නිවේදකත්වය දරන හෙයින් යහපත් ප්‍රතිඵල ලැබෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 ජූනි මාසයේ 27 වැනි දින සිට මහ දශාව අධිපති කේතු ග්‍රහයා තුලා රාශියේ 7 වැනි භාවයේ කුජගේ නක්‍ෂත්‍රයක සහ සඳුගේ උපස්ථානයක ගෝචරය වෙයි. උපස්ථානය අධිපති කුජ ග්‍රහයා 2 වැනි 3 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයකු වන හෙයින් යහපත් ප්‍රතිඵල ලැබෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 ජූනි මාසයේ 18 වැනි දින කේතු ග්‍රහයා තුලා රාශියේ 7 වැනි භාවයේ රාහුගේ නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක ගෝචරය වෙයි. මහ දශාව අධිපති කේතු ග්‍රහයා තුලා රාශියේ 7 වැනි භාවයේ රාහුගේ නක්‍ෂත්‍රයේ සහ ගුරුගේ යහපත් උපස්ථානවල ගෝචරය වන විට සහ භුක්තිය අධිපති සඳු ග්‍රහයා 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ නක්‍ෂත්‍රවල සහ උපස්ථානවල ගෝචරය වන විට යහපත් ප්‍රතිඵල ලැබෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division