Home » මයිඩෙන්ටිස්ට් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරයකු ලෙස හසික ජයසූරිය පත්කරයි

මයිඩෙන්ටිස්ට් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරයකු ලෙස හසික ජයසූරිය පත්කරයි

by gayana
September 30, 2023 12:30 am 0 comment

මයිඩෙන්ටිස්ට් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස හසික ජයසූරිය පත්වීම අප ආයතනයට අභිමානයකි. මෙම උපාය මාර්ගික තීරණය, දන්ත හා සෞඛ්‍ය සත්කාරක ක්‍ෂේත්‍රයේ අසමාන සාර්ථකත්වය ළඟාකර ගැනීම කෙරෙහි අවිවාදයෙන් බලපායි.

දැනට මයිඩෙන්ටිස්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස විශිෂ්ට සේවයක් සිදු කරන හසික ජයසූරිය තවදුරටත් එම තනතුර ද හොබවනු ඇත. ආයතනයේ වැඩි වර්ධනය හා සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ බලවේගය ඔහුය. ඔහු මෙම තනතුරට පත් කිරීම, ඔහුගේ කැපවීම හා විචක්ෂණ කර්මාන්තයේ දැනුම විදහා දක්වයි. ජයග්‍රහණ රැසක් ලබා ඇති හසික, මයිඩෙන්ටිස්ට් ආයතනය, මෙම ක්‍ෂේත්‍රය තුළ එතෙක් මෙතෙක් ලැබුණ ජයග්‍රහණ කරා මෙහෙයවීමට සැදී පැහැදී සිටී.

මයිඩෙන්ටිස්ට් ආයතනයේ අධ්‍යක්‍ෂ අසාන්ත් සෙබස්ටියන් මෙසේ පවසයි. හසික මයිඩෙන්ටිස්ට් ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස පත් කිරීම අප හට මහත් සතුටකි. ඔහු වෙත, විශේෂිත වූ උපාය මාර්ගික හැකියාවන්, සනාථ කළ මෙහෙයුම් ක්‍රියාකරීත්වයන් සහ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා වෙළඳපොළ සම්බන්ධව ශක්තිමත් පළපුරුද්දක් සතුය. අප ආයතනය සතුව දැනටමත්, සායන 16ක් පවතින අතර තවත් කිහිපයක්ම නුදුරේ පිහිටුවනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division