539
මහජන බැංකුවට අලුතින් බඳවා ගන්නා ගනුදෙනුකාර සේවා සහයකයින් 500දෙනකුට පත්වීම් ලිපි පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මංජුල වෙල්ලාලගේ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහභාගි වූහ.