Home » Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සමරයි

Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සමරයි

by gayana
September 30, 2023 12:30 am 0 comment

සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා සොෆ්ට්ලොජික් ආයතනයේ ගනුදෙනුකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ. පසුගිය වසර 30ක කාලය තුළ Dell වෙෙළඳ සන්නාමය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා එහි අලෙවිය ඉහළ නැංවීම වෙනුවෙන් Softlogic IT හි සුවිශේෂි දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. දේශීය වෙ‍ෙළඳපළ තුළ ද තොරතුරු තාක්ෂණයේ විශ්වාසනීය සන්නාමයක් ලෙස Dell හි භාණ්ඩ හා සේවා ප්‍රධාන අලෙවිකරු ලෙස Softlogic IT හි 30 වන ජයග්‍රාහී ගමන්මඟ මෙහිදී පැහැදිලි කෙරුණි.

Softlogic IT හි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් රසූල් අදහස් දක්වමින් Dell ආයතනය සමඟ මෙම ව්‍යාපාරික හවුල්කාරීත්වය ආරම්භ කරන විට Dell උපාංග හා සේවාවන් පිළිබඳ දැනුම ශ්‍රී ලංකාව තුළ ඉතා අල්ප වූ බවත් අද වන විට Dell සන්නාමය පරිගණක ක්ෂේත්‍රය තුළ ඉතා සුප්‍රකට සන්නාමයක් බවට පත් වී ඇති බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division