Home » වාහන, පරිසර සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති සම්පාදනයට කමිටු තුනක්

වාහන, පරිසර සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති සම්පාදනයට කමිටු තුනක්

by mahesh
September 23, 2023 12:30 am 0 comment

වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. පරිසර ප්‍රතිපත්තිය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් ද ඒ අනුව හඳුන්වා දෙනු ලබයි. වාහන ආනයනයේදී රටේ විදේශ විනිමය තත්ත්වය, මාර්ග තදබදය, පරිසරයට වන බලපෑම් මෙන්ම මෙරට වාහන එකලස් කරන ආයතනවල නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම ආදී කරුණු ගැන සලකා බැලීමට නියමිතය.

සිංගප්පූරුවේ වාහන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය මෙන් වාහන සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ කමිටුව සලකා බලනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division