Home » ෂරියා සරසවියේ පරිපාලනය ශ්‍රී ලංකා තාක්ෂණික සරසවියට

ෂරියා සරසවියේ පරිපාලනය ශ්‍රී ලංකා තාක්ෂණික සරසවියට

by mahesh
September 23, 2023 12:45 am 0 comment
රසික කොටුදුරගේ

ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයට භාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් ලබා දී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර හතරකට ආසන්න කාලයක් මෙම ෂරියා විශ්වවිද්‍යාලය පැවතියේ යුද හමුදාව භාරයේ ය. එම විශ්වවිද්‍යාලයේ මුල් හිමිකරු වන නැඟෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ එම්. ඒ. එම්. හිස්බුල්ලාට එහි අයිතිය භාරදීමට ඉකුත්දා කටයුතු කෙරිණි.

මඩකලපුව පූනානි හි පිහිටි එම විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු තාක්ෂණ විශ්වවිද්‍යාලයට පැවරීමෙන් අනතුරුව තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටියට අනුකූලව කටයුතු කිරීමටත් කෘත්‍රිම බුද්ධිය ආදී විෂයයන් ඉගැන්වීමටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තීරණය කෙරිණි.

මඩකලපුවේ මෙම විශ්ව විද්‍යාලය අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සහ සියලු පහසුකම් වලින් යුක්ත වන අතර එවැනි පරිශ්‍රයක් නිකරුනේ වසා දැමීම ජාතික අපරාධයක් හෙයින් තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතේ අනාගත පරපුරට ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන පරිදි පවත්වාගෙන යාමට රජය අදහස් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division