මෙවර ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝම්බර් මස 15 වන දින ආරම්භ වන බව සඳහන්ය. ඒ අනුව මෙම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දීමටත්, සිය මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩි දියුණු වීමටත් නිරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන-එන ගමන-බිමනේ ආරක්ෂාවත්, රැකවරණයත් අරබයා මෙන්ම අතිසාර්ථකව මෙම තරග විභාගය ජයගැනීම සඳහා පහත සඳහන් ග්‍රහ ශාන්තිකර්ම හා මහා බලගතු සෙත් කවිය ගායනා කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩඉම ජයගත හැකිය.
මෙවර ශිෂ්‍යත්ව විභාග දිනය සුබ බලයක පවතී. අප ඔබට ඉතා බලසම්පන්න සෙත් කවි රත්නයක් ද ඉදිරිපත් කරන අතර, එය නිවැරැදිව භාවිතය තුළින් මහඟු ප්‍රතිඵල උදා කර ගත හැකිය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලු දූවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරැදිව ගණ පිහිටුවා බලසම්පන්නව හා සරලව විෂ්ණු, කතරගම සහ ගණ දෙවියන් යන දෙවිවරු උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත් කවිය පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් ම යහපත් සුබ ප්‍රතිඵල උදා කර ගත හැකිය. විභාගයට පෙර දිනවල ස්නානය කර පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද, මල් අසුන පිරිසිදු කර ගන්න.
ඉන් පසු සුවඳින් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා තෙරුවන් නැමද ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු කතරගම, සරස්වතී මෑණියන් සහ තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න.
ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත් කවි රත්නය බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6.00 ත් රාත්‍රී 10.48 ත් කාලය තුළ නිවැරැදිව 7 වරක් ගායනා කොට විභාග නිමාවනතුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගී භාවය සහ යන එන ගමනේ බිමනේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත් කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා විසින් සිදු කිරීම ඉතා යහපත්ය.
•මහා බලසම්පන්න සෙත් කවි රත්නය
හිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින
පිනැති සිරිවස් ‐ දෙව් සෙනෙවි ‐
ගණදෙවිද නිති ගැති වඳිමි බැතියෙන
වප් මස තුළ සියලු දිනවල මුහුණ දෙන තරගයට කුළුනින
දුරැර දොස නැණ බලය දෙවනු මැන විභාගයෙ
ජය සතිර වන මෙන
අදාළ විභාග දිනයේ විභාගයට පිටත් වීමට පෙර සුදු මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නමදින්න. ඉන් පසුව මාපියන් නැමඳ දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරත් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකත හා දිශාව අනුව පිටත්ව යන්න.
“ඡයෝ මුණින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උද්ඝෝසයුං දේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්තු මය්හං”
සුදු මලක් දමන ලද පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමඟට හමුවන ලෙස පිටත්ව යන්න.
•විභාග ජය ගෙනෙන මහා බලසම්පන්න ගණ දෙවි පූජාව
මෙම විභාගය යනු දැයේ දරුවන්ගේ ජීවිතයේ කඩඉමයි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත කඩඉමක් බඳු වූ මෙම අති සුවිශේෂ විභාගයන් වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වැඩි කර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් සහ නිරවුල් මනසකින් යුතුව විභාගයන්ට මුහුණ දීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්තිකර්මයක් මම මෙවර ඔබට ඉදිරිපත් කරමි.
ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම තුළින් ඔබටත් අතිසාර්ථක ප්‍රතිඵල උදා කර ගත හැකිය. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරැදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදා කර ගන්න.
•ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම
ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.
•පහත සඳහන් දෑ සකස් කරගන්න
* මල් වට්ටියක් නෙළුම් මල් සමඟ
* පලතුරු වට්ටියක් (පලතුරු 5ක් පමණ)
* කැවිලි වට්ටියක් (කැවිලි 5ක් පමණ)
* හඳුන්කූරු
* පහනක්
* සම්බ්‍රානි සුවඳ දූම් සූදානම් කර ගන්න.
නෙළුම් මල් සහ වෙනත් මල්වලින් වට්ටියක් සාදාගන්න. අඹ, කෙසෙල්, කොමඩු, දෙළුම් වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදාගන්න.
ගිතෙල් දැමු කුඩා මැටි පහන් දෙකක් පැණි රස කෑම වර්ග පහක් සහිත වට්ටියක්, හබල පෙති, උක් හකුරු, මීපැණි, කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන්කූරු දල්වා කපුරු පෙති සහ ගිතෙල් පහනක් දල්වා සුවඳ දූම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්තෝත්‍රය 7 වරක් ගායනා කරන්න.
බදාදා හා සෙනසුරාදා දිනයන්හි දින 03 ක් සවස 6ත් 8ත් අතර කාලය තුළදී ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දූක් දොම්නස් දූරුවී දරුවන්ගේ විභාග ජය ලැබී, රෝගී තත්ත්ව දූරු වී, ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යවත් කාලයක් උදා වෙයි.
ගණ දෙවි ස්තෝත්‍ර
ගණපති පරිවාරං ‐ චාරුකේයුර භාරං
ගිරිධර වරසාරං ‐ යෝගිනිචක්‍ර වාරං
භවහය පරිහාරං ‐ දුකකදාරි දාදුරං
ගණපති මහිවන්දෝ ‐ චක්‍ර තුණ්ඩව තාරම්
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ