හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැඟීමේ සමාජ මෙහෙවරට සිය ප්රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා මුලපිරූ වෙෙළඳපොළේ ඉදිරියෙන් සිටින ඵලදායී සන්නාමයක් ලෙස Clogard මෙරට පාරිභෝගික ජනතාවගේ මහත් ජනාදරය දිනා ගෙන ඇත.
නව්‍ය නිෂ්පාදන හඳුන්වා දෙමින් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම පිළිබඳව මහජනයා දැනුම්වත් කිරීමේ ව්‍යාපාර ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන් Clogard නිරන්තරයෙන් කැපවී සිටියි. වසර 10 තුළ Clogard විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ප්‍රාදේශීය කාර්යාල පාදක කරගනිමින් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් ද පවත්වන ලදි.