HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි අභිනව ශාඛාව කිරිබත්ගොඩ නගරයෙහි විවෘත කරන ලදි. HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්ගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්දගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.
අභිනවයෙන් විවෘත වූ HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව අංක 58, නුවර පාර, කිරිබත්ගොඩ යන ලිපිනයෙහි පිහිටා ඇති අතර සමාගම මඟින් ලබාදෙන ලීසිං, රන් ණය, ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය, ඉතුරුම් ගිණුම් ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් කිරිබත්ගොඩ ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත. HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව නගර මධ්‍යයෙහි පිහිටා ඇති බැවින් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මෙම ස්ථානයට පැමිණ සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගත හැකිය.