Home » රෝහල සාර්ථකව mini-PCNL සැත්කමක් සිදු කරයි

රෝහල සාර්ථකව mini-PCNL සැත්කමක් සිදු කරයි

by gayana
September 23, 2023 12:30 am 0 comment

නවලෝක රෝහල් සමූහය, රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට mini nephrolithotomy mini-PCNL භාවිතයෙන් සංකීර්ණ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත. සම්පූර්ණ වම් වකුගඩුව සම්බන්ධව සෙන්ටිමීටර 4 ක දැවැන්ත වකුගඩු ගලක් ඉවත් කරන ලද මෙම ක්‍රියා පටිපාටියේ සංකීර්ණත්වය හේතුවෙන් මෙය වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස සලකනු ලැබේ.

අතිනවීන තාක්‍ෂණයෙන් සහ අතිනවීන යන්ත්‍ර සූත්‍රවලින් සන්නද්ධ වූ නවලෝක වෛද්‍ය කණ්ඩායම, කිසිදු ශේෂයක් ඉතිරි නොකර මුළු වකුගඩු ගලම ඉවත් කිරීමට සමත් වූයේ සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමිනි. ශල්‍ය වෛද්‍යවරයා, හෙද සහායකයින් දෙදෙනෙක්, වෛද්‍ය තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙක් සහ එක් විකිරණවේදියෙක් ඇතුළුව ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකු පමණක් සිටි මෙම සියුම් ශල්‍යකර්මයේ සාර්ථකත්වය කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ

ප්‍රතිඵලයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division