Home » LOLC ෆිනෑන්ස් ශාඛා විල්ගමුව සහ වැල්ලවායට

LOLC ෆිනෑන්ස් ශාඛා විල්ගමුව සහ වැල්ලවායට

by gayana
September 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් හි විල්ගමුව සහ වැල්ලවාය ශාඛා, නව නිවහන් වෙත ප්‍රවිෂ්ට වූ අතර සිය පාරිභෝගික ප්‍රජාවගේ පහසුව පිළිබඳව සලකා බලමින් හා ආයතනික උපාය මාර්ගයන්ට අනුකූලව මෙම ස්ථාන මාරුවීම් සිදු විය.

2023 සැප්තැම්බර් 4 වන දින හෙට්ටිපොළ, විල්ගමුව ශාඛාව විවෘත කිරීම සිදු විය. LOLC ෆිනෑන්ස් පීඑල්සී, ඌව පළාත් ප්‍රාදේශීය ප්‍රධානී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යැනික් ප්‍රනාන්දු , රන් ණය අංශ ප්‍රධානී නිශාන්ත ජයසේකර ඇතුළු LOLC සහ ප්‍රාදේශීය ප්‍රජාවේ සම්භාවනීය අමුත්තෝ මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ. වැල්ලවායේ නව ශාඛාව 2023 සැප්තැම්බර් 5 වන දින නිල වශයෙන් විවෘත කරනු ලැබූ අතර වැල්ලවාය, අංක 20 හි පිහිටි මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා යැනික් ප්‍රනාන්දු මහතා මෙන්ම LOLC ෆිනෑන්ස් සමාගමේ සහ කලාපයේ ප්‍රමුඛ පුද්ගලයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division