Home » විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් 2,065කට ශිෂ්‍යත්ව

විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් 2,065කට ශිෂ්‍යත්ව

by mahesh
September 16, 2023 12:37 am 0 comment
රසික කොටුදුරගේ

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වර්ෂයේ ගතවූ කාලය තුළදී රුපියල් කෝටි තුනකට ආසන්න ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.

විගමණික ශ්‍රමිකයන්ගේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සඳහා රු.20,000 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.25,000 බැඟින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා රු.35,000 බැගින් ශිෂ්‍යත්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිරිනමනු ලබයි.

2023 වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව සිසුන් 2,065 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් රුපියල් කෝටි පහක පමණ මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත. මේ වන විට උතුරු, වයඹ, ඌව, දකුණු, සබරගමුව හා මධ්‍යම යන පළාත්වල සුදුසුකම් ලත් සිසුන් 915 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ද අවසන් කර තිබේ. මෙසේ 2023 වසරේදී සිසුන් 2065කට ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division