සුනිල් ආරියරත්නයන්ගේ ‘වණ්ණම් විනිස’
කෘතිය – වණ්ණම් විනිස
කර්තෘ – සුනිල් ආරියරත්න
ප්‍රකාශක – එස් ගොඩගේ සහ සහෝදරයෝ
මිල – රු : 1500/=
දුරකතනය – 077 7370225
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂණ මාලාවන්හි තවත් පියවරක් වන්නේ ‘ වණ්ණම් විනිස ‘යි. දෙමළ වණ්ණම්, වන්නම් හා යතිවරු, උඩරට – පහතරට – රජරට – සබරගමු වන්නම්, වන්නම් සාහිත්‍ය මෙන්ම වන්නම් සංගීතය, ගුවන් විදුලි තැටි ගබඩාවේ වන්නම් එකතුව ආදී මාතාකා ගණනාවකින් යුත් සුනිල් ආරියරත්නගේ ‘වණ්ණම් විනිස ‘ පිටු 248ක ග්‍රන්ථයකි. ග්‍රන්ථයේ අග පරිශීලිත පොතපත ලේඛනයක් මෙන්ම ඊට ආදාළ පුද්ගල ඡායාරූපද ඇතුළත් කර ඇත්තේ මේ පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුගේ පහසුව පිණිසය. බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්, කැරොල් පසම් කන්තාරු, සින්දු විස්තරය, විරුද හා විරිදු, ග්‍රැමෆෝන් ගී යුගය, ආනන්ද සමරකෝන් අධ්‍යයනය, සුනිල් ශාන්ත අධ්‍යයනය, ශ්‍රි ලංකාවේ කණ්ඩායම් සංගිතය සහ කාණ්ඩ 11 කින් සමන්විත ගාන්ධර්ව අපදාන පොත් පෙළ ඔහුගේ සෙසු කෘතින් අතර ප්‍රධාන වේ.
ගයාමන් දිසානායකගේ ‘තෘප්ත’
කෘතිය – තෘප්ත
කර්තෘ – ගයාමන් දිසානායක
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ
මිල – රු 650/=
දුරකතනය- 077 7872273
වෘත්තියෙන් දෙනියාය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ගයාමන් දිසානායකගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වන්නේ ‘ තෘප්ත ‘ යි. වසර ගණනාවක් මුලුල්ලේ කවි නිර්මාණයේ නියැළුණද ගයාමන් දිසානායක විසින් සිය කාව්‍ය නිර්මාණ කාව්‍ය සංග්‍රහයක් ලෙස එළි දැක්වූයේ මෙම ‘ තෘප්ත ‘ග්‍රන්ථය හරහාය. වෛද්‍යවරයෙකු ලෙස කාර්ය බහුල සිය වෘත්තීය ජීවිතයේදී අසන්නට දක්නට ලැබෙන සිදුවීම් මෙම කාව්‍ය නිර්මාණයන්හි වස්තු විෂය වූ අතර එම නිර්මාණ පාඨකයාට තේරුම් යන පරිදි සරල බස් වහරකින් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. බොහෝ කාව්‍ය නිර්මාණ ඉතා සරලව විග්‍රහ කර ඇත්තේ කෙසේද යත් වචන හතරක්, පහක් වැනි උපරිම වචන සංඛ්‍යාවක් යොදා ගෙන සිය අදහස ඉස්මතු කිරීමට ඔහු ගෙන ඇති වෑයම නිර්මාණශීලීය. ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදාය මෙන් විශ්ව සාහිත්‍යයේ එන කෙටි කාව්‍ය ක්‍රම හරහා උපමා උපමේය අලංකාරව යොදාගෙන තිබීම මෙන්ම ඊට සරිලන වෙනස්ම ආකාරයේ කවර නිර්මාණයකින්ද සුසැදි මෙම කෘතිය පාඨකයාට බෙහෙවින්ම සමිප කරවිය හැක්කකි.
අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි
කෘතිය – අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි
කර්තෘ – දමයන්ති ජයකොඩි
ප්‍රකාශක- දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල – රු 800/= දුර: 0112 696653
‘අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි’ ග්‍රන්ථය හරහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා බැබළෙන අයුරු අසිරිමත් සිදුවීම්වල ඡායාරූපය සමඟින් මනාව ඉදිරිපත් කිරීමට මෙම ග්‍රන්ථය සමත්ව ඇත්තේය. මෙය ගෞතම බුද්ධ චරිතයේ 8 වැනි කොටස වශයෙන් ප්‍රකාශිතය. කතුවරිය විසින් සරල භාෂාවක් හා පද මාලාවක් මීට යොදාගෙන ඇත. මෙම ග්‍රන්ථයේ බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩම කරවීම සිට ජේතවනාරාමය සිට මංගල සුත්‍ර දේශනාව දක්වාවූ කරුණු ඇතුළත් කර ඇත. ග්‍රන්ථයේ කතුවරිය වන දමයන්ති ජයකොඩිගේ බොහෝ නිර්මාණ බෞද්ධ චරිතයට සම්බන්ධ වූ ඒවාය. ඇය විසින් මීට පෙර ග්‍රන්ථ 20 කට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇත.
ඒ. ජේ. ඒ. අබේනායකගේ ‘සුවඳ කඳුළු’
කෘතිය – සුවඳ කඳුළු
කර්තෘ – ඒ. ජේ. ඒ අබේනායක
ප්‍රකාශක- කර්තෘ ප්‍රකාශනයක් / මිල – රු 500/=
දුරකතනය- 077 6775140, 070 6775140
‘සුවඳ කඳුළු’ ඒ. ජේ.ඒ අබේනායකගේ අලුත්ම, සිවුවැනි කෘතියයි. කොවිඩ් කාලයේ මිනිසුන් විඳි අත්දැකීම්, හැල හැප්පිම් මෙන්ම දුක් දොම්නස් ඇතුළු අත්දැකීම් රාශියක් මේ කෘතියට වස්තු විෂය වී ඇත. ඔහු නවකතාවට අදාළ චරිත ගොඩ නඟන්නේ ජීවිත අත්දැකීම් තුළින් ලැබූ පන්නරයෙනි. ඔහු වයඹ විත්ති පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි මාධ්‍යවේදියෙකු වන අතර පාඨකයින් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ ලේඛකයකුද වන්නේය.