Home » මහත් පල ගෙන දෙන යෝග දෙකක් එකම දවසක සැප්තැම්බරයේ උදාවන සුබම දවස එදිනයි

මහත් පල ගෙන දෙන යෝග දෙකක් එකම දවසක සැප්තැම්බරයේ උදාවන සුබම දවස එදිනයි

by mahesh
September 16, 2023 12:31 am 0 comment

සැප්තැම්බර් 17 වැනිදා ඉරිදා පෙරවරු 6.01ට උදාවන සඳුට අයත් හත නැකත කේවල සිද්ධි යෝගයක් සහ ද්වි පුෂ්කර යෝගයක් තිබීම හේතු කොටගෙන එය ඕනෑම සුබ කටයුත්තක් ඇරඹීමට භාවිත කළ හැකි බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

එදින පෙරවරු 10.02 දක්වාම බල පැවැත්වෙන මෙම ද්වි යෝග තත්ත්වය 2023 සැප්තැම්බර් මාසය තුළ යෙදෙන සාර්ථකම සුබ දවස බව ද ජ්‍යොතිෂයෙහි සඳහන්ය.

ඔබ දැනට සිතමින් සිටින අනාගත දියුණුව සඳහා වැඩදායක වන ස්වයං රැකියා, කෘෂිකාර්මික වගාවන් ආරම්භයට, සියලු ගොවිතැන් කටයුතුවලට, සිසු දරුවන්ට අමතර පන්ති පැවැත්වීමට, උසස් නිලධාරීන් මුණගැසීමට, ඒ අයගේ සහයෝගය ලබා ගැනීමට වැනි කටයුතුවලට මේ කාලය වැදගත් වේ.

එමෙන්ම දියුණුවට කැමති ඔබට මේ දිනයේම පෙ.ව. 10.02 සිට 11.09 දක්වා යෙදෙන ද්වී පුෂ්කර යෝගයෙන් ද ප්‍රයෝජන ගත හැකිවේ. මෙය ද කෘෂිකාර්මික කටයුතුවලට බෙහෙවින් වැදගත් වේ. පෙ.ව. 10.02න් පසුව යෙදෙන සිත නැකත හා දියවක තිථිය ඉරිදා දිනයේ එක්වූ කල එය ද්වී පුෂ්කර යෝගයකි. දියවක තිථය 11.09න් ගෙවෙන නිසා 10.02 සිට 11.09 දක්වා දියුණුව පිණිස අත ගසන ඕනෑම කටයුත්තක් සුබ පල ගෙන දෙනු ඇත. ඒ හැරුණු විට මේ දිනය තුළ ආනන්ද්‍රදී අටවිසි යෝග චක්‍රයට අනුව මානස හා පද්ම යන මහා යෝගද යෙදී ඇත.

පෙරවරුවේ යෙදෙන කේවල සිද්ධි යෝගයෙන් ප්‍රයෝජන ගැනීමට නම් ඔබ අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත්වලින් ඉපදී තිබීම ප්‍රතිඵල දායකය. ඉන්පසුව 10.02 සිට 11.09 දක්වා යෙදෙන ද්වී පුෂ්කර යෝගයෙන් කටයුතු කරන්නේ නම් බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවන, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකත්වලින් උපත ලබා තිබීම වැදගත් වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division