Home » චීනයේ ‘PEACE ARK’ රෝහල් නෞකාව සිය මෙහෙවර සාර්ථකව නිමාකරයි

චීනයේ ‘PEACE ARK’ රෝහල් නෞකාව සිය මෙහෙවර සාර්ථකව නිමාකරයි

by mahesh
September 13, 2023 3:07 pm 0 comment

‘Peace Ark’ නෞකාව සිය මෙහෙවර නිමවා ආපසු චීනය බලා ගමන් අරඹයි.

එම රෝහල් නෞකාව සිය චාරිකාව ආරම්භ කළේ පසුගිය ජූලි 3 වැනිදා යි. මේ වන විට එය කිරිබාති, ටොංගා, වනුවාටු, සොලමන් දූපත් සහ නැගෙනහිර ටිමෝරය වෙත ගොස් එම රටවල් සඳහා වෙන් වෙන්ව සතියක කාලයක් නොමිලේ වෛද්‍ය සේවා ලබා දී ඇත.

නැගෙනහිර ටිමෝරය ‘Peace Ark’ නෞකාවේ අවසන් ගමනාන්තයයි. එහි රැඳුණු සතියක කාලය තුළ නෞකාවේ වෛද්‍යවරුන් එරට රෝගීන් 11 000 කට ආසන්න පිරිසක් වෙනුවෙන් වෛද්‍ය සේවා ලබා දුන් අතර, එහි දී සැත්කම් 50 ක් සිදුකිරීම විශේෂත්වයකි. නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරිය ඇතුළු පිරිසක් ද එම නෞකාවට පැමිණ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීම විශේෂත්වයකි.

සිය මෙහෙවර අවසන් කළ ‘Peace Ark’ නෞකාව නැගෙහිර ටිමෝරයේ සිට චීනය බලා පිටත් වූයේ ඉකුත් 10 වැනිදා යි.

You may also like

Leave a Comment