Home » 2023 Mr Srilanka කිරුළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පසිදුට

2023 Mr Srilanka කිරුළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පසිදුට

by mahesh
September 11, 2023 3:07 pm 0 comment
2023 Mr Srilanka (Universe) කිරුළ දිනා ගැනීමට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පසිදු ප්‍රසාද් ප්‍රියදර්ශන පසුගියදා සමත් විය.
හෙතෙම මේ වන විට එම විශ්වවිද්‍යාලයීය දෘශ්‍ය කලා පිඨයේ  සිව්වන වසර විද්‍යාර්ථියෙකු ලෙස අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටියි. 2023 Mr Srilanka(Universe) කිරුළ සමඟ ඔහුට Best popular, Best talent, Best catwalk, Best skin යන උප කිරුළුද හිමිවිය.
චිත්‍ර කලාව, නර්තනය,සංගීතය, රංගනය ආදි කේෂ්ත්‍ර රැසක විශේෂ දක්ෂතා ඇති මොහු නිවේදන අංශයෙන්ද දක්ෂතා දක්වයි. ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයකටද මොහු රංගනයෙන් එක්වී තිබේ. පසිදු ප්‍රසාද් ප්‍රියදර්ශන කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
තරඟාවලිය කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංගශාලාවේදී ඉතා  සාර්ථකව පැවැත්වුණි.

මෙහි විනිශ්චය සඳහා ආචාර්‍ය වශීර සල්ගමුව,ආචාර්‍ය එදිරිවීර ගුණසේකර, සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය සම්මානනීය නිළි ගීතා කුමාරසිංහ, ප්‍රවීණ නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස්, ප්‍රවීණ නිරූපණ ශිල්පිනී ජයමාලි එරංගිකා,ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නීතිඥ යශාලි අබේසුන්දර, ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.
තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස නිර්මාල් බණ්ඩාර මයා කටයුතු කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division