Home » මොරොක්කෝව සෙලවෙයි – 300ක් මිය යයි

මොරොක්කෝව සෙලවෙයි – 300ක් මිය යයි

by mahesh
September 9, 2023 4:01 pm 0 comment
මොරොක්කෝ රාජයේ සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් මේ වනවිට  300 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුන්බුන්වල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමට සහන කණ්ඩායම් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් ඇති බව, එරට බලධාරීන් පවසයි.
 එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ, භූකම්පනයේ  ප්‍රබලත්වය රික්ටර් මාපක 6 යි දශම 8  ලෙස වාර්තා වී ඇති  බවයි.
භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය “මැරකෑශ්”  ප්‍රදේශයට නිරිත දෙසින් පොළොවේ සිට කිලෝමීටර 19 කට ආසන්න ගැඹුරින් සිදුව ඇත.
ඉපැරණි “මැරකෑශ්” නගරය, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබේ.
එම නගරයෙන් දැඩි හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.  භූමිකම්පාව හේතුවෙන් හානි වූ ගොඩනැගිලි සහ සුන්බුන් පිළිබඳව තහවුරු නොකළ දර්ශන  සමාජ මාධ්‍යවල සංසරණයවේ.
“මැරකෑශ්” ප්‍රදේශයේ රික්ටර් මාපක 5කට වැඩි භුකම්නපයක් සිදුවී ඇත්තේ වසර 100 කට අධික කාලයකට පසුව බවයි, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය අවධාරණය කරයි.
මොරොක්කෝවට බලපෑ අවසන් මහා භූමිකම්පාව සිදුවූයේ 2004 වසරේදී වන අතර,  “එල් හොසේයිමා” නගරයේ රික්ටර් මාපක 6 යි දශම 3 ප්‍රබලත්වයෙන් හටගත් භූකම්පනයෙන් පුද්ගලයින් 600 දෙනෙකු මිය ගොස් තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division