Home » නිවැරදි දත්ත දෙන්නැයි මෝටර් රථ සහ ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවලට උපදෙස්

නිවැරදි දත්ත දෙන්නැයි මෝටර් රථ සහ ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවලට උපදෙස්

by mahesh
September 9, 2023 3:12 pm 0 comment

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන රැමිස් දත්ත පද්ධතිය හා සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඇති ගැටලු සාකච්ඡා කර එම කටයුත්ත කඩිනම් කරන ලෙස ඉකුත් දා පාර්ලිමේන්තුවේදී පැවති ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙරට විශාල වශයෙන් සුඛෝපභෝගී වාහන අලෙවි වුවත් වාහන හිමිකාරීන්ගේ ජාතික හැඳුනුම්පත් අංක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් එම සියලු තොරතුරු රැමිස් පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනමින් සිදුවිය යුතු බව එම ආංශික කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

එමෙන්ම විශාල වටිනාකම් සහිතව අලෙවි වන ඉඩම් සම්බන්ධ තොරතුරු ද මෙරට ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී නොමැති බැවින් එම තොරතුරු රැමිස් පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනම් කරන ලෙස ද හෙතෙම රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division