– ක්‍රිෂ්ණමූර්තියට අනුව ජන්ම පත්‍රය ප්‍රතිශෝධනයට පාලක ග්‍රහයන් උපයෝගී කරගත හැකියි
– අදහස් පරස්පර නම් නිවැරදි ජන්ම වේලාව ලබා ගැනීම අපහසුයි
ජන්ම පත්‍ර සකස් කිරීමේදී නිවැරදි ජන්ම වේලාව ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙයි. නොයෙකුත් අදහස් හේතුකොටගෙන නිවැරදි ජන්ම වේලාව ලබා ගැනීමේ අපහසුතාවන් ගණනාවක්ම වෙයි. ඒ අනුව ජන්ම පත්‍රය සකස් කිරීම සඳහා නිවැරදි ජන්ම වේලාව නොලබන අවස්ථාවලදී එය ප්‍රතිශෝධනය කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. එහෙයින් ජන්ම වේලාව පිළිබඳ සැකයක් ඇත්තේ නම් පමණක් එය ප්‍රතිශෝධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය ප්‍රතිශෝධනය කරගැනීම සඳහා පාලක ග්‍රහයන් උපයෝගී කරගත හැකිය. මේ ජන්මියාගේ උපත සිදුවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1954 ජුනි මාසයේ 01 වැනි කුජ දින පස්වරු 05.42ට පමණය.
ලබා දුන් වේලාව අනුව සකස් කරන ලද ජන්ම පත්‍රය මෙසේය.
දශා ශේෂය බුධ ග්‍රහයාට අවුරුදු 02 මාස 00 දින 18 යි.
මෙම ජන්ම පත්‍රයේ ලග්න ස්ඵූටය සහ සඳුගේ ස්ඵූටය මෙසේය.
ජන්ම ලග්න ස්ඵූඨය වෘශ්චික 080 41’40”
ජන්ම සඳුගේ ස්ඵූටය වෘෂභ 220 00’23”
මෙම ජන්ම පත්‍රය විමර්ශනය කිරීම ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 2023 අගෝස්තු මාසයේ 30 වැනි බුධ දින පස්වරු 06.25.35 ටය. එම අවස්ථාවේ මතුවූ පාලක ග්‍රහයන් මෙසේය.
විමර්ශනය කිරීම ආරම්භ කරන ලද අවස්ථාවේ මතුවූ පාලක ග්‍රහයන් අනුව ලග්න ස්ඵූඨය මෙසේ සකස් කර ඇත.
මෙම ජන්ම පත්‍රයේ ලග්න ස්ඵූඨය යෙදී ඇත්තේ මෙසේය;
වෘෂ්චික රාශිය; ප්‍රදේශය පාලක ග්‍රහයා
රාශිය 00000’00” — 30000’00” කුජ
නක්‍ෂත්‍රය 03020’00” — 16040’00” ශනි
උපස්ථානය 08006’40” — 10020’00” සිකුරු
උප උපස්ථානය 08054’27” — 09014’27” රාහු
උප උපස්ථානයේ ප්‍රමාණය 00020’00” කි. ඒ නිසා එහි මධ්‍ය ගත් විට ලග්න ස්ඵූටය වෘශ්චික 09004’27” වෙයි. මෙම ස්ඵූටය උදා වූයේ පස්වරු 05 43 37ටය. එය ප්‍රතිශෝධිත වේලාවයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා