Home » APIIT Lanka ‘ශිෂ්‍ය ක්‍රියාකාරී සමාජය’මෙහෙයවන Extravaganza 2023

APIIT Lanka ‘ශිෂ්‍ය ක්‍රියාකාරී සමාජය’මෙහෙයවන Extravaganza 2023

by mahesh
September 9, 2023 11:32 am 0 comment

ශ්‍රී ලංකා ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ (APIIT) “ශිෂ්‍ය ක්‍රියාකාරී සමාජය” විසින් අගෝස්තු 25 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) ලැවැන්ඩර් ශාලාවේ දියත් කරන ලද, රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම ක්‍රීඩා හමුව වන Extravaganza 2023 හි 9 වන ක්‍රීඩා පහන් සිළුව දැල්වීම පසුගියදා පැවැත්විණි.

Extravaganza 2023 හි අරමුණ වනුයේ තරගකාරී ක්ෂේත්‍රයෙන් ඔබ්බට, මලල ක්‍රීඩා හැකියාවන් පෝෂණය කිරීම සහ සිසුන් අතර සුහදතාවය වර්‍ධනය කිරීම වේ. එසේම සෑම ඉසව්වකින්ම, දිවයිනේ බොහෝ විශ්ව විද්‍යාලවලින් සහභාගි වන්නා වූ සිසුන් අතර ක්‍රීඩාශීලි බව ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රමුඛ උත්සාහය වේ. විශ්ව විද්‍යාල 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්‍ශනය කිරීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ ක්‍රීඩා කෞෂල්‍යයෙන් ඔබ්බට විහිදෙන කල්පවත්නා සබඳතා ගොඩනගා ගැනීමට මෙම වැඩසටහන වේදිකාවක් සම්පාදනය කරනු ලබයි.

Extravaganza 2023, අගෝස්තු 25 සිට ඔක්තෝබර් 15 දක්වා සති 06ක තියුණු සහ ත්‍රාසජනක තරග රාශියකින් සමන්විත වේ. බැඩ්මින්ටන්, ක්‍රිකට්, පිහිනුම්, පැසිපන්දු, රග්බි සහ ෆුට්සල් යන උද්වේගකර ක්‍රීඩා හයකින් මෙම ක්‍රීඩා උත්සවය සමන්විත වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division