Home » සදාහරිත සමූහ ව්‍යාපාරය 21වැනි සංවත්සරය සමරයි

සදාහරිත සමූහ ව්‍යාපාරය 21වැනි සංවත්සරය සමරයි

by mahesh
September 9, 2023 11:28 am 0 comment

ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21 වෙනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

ජාත්‍යන්තරය ජයගත් සිය මූල්‍යමය ස්ථාවරත්වය ඉහළින්ම සනිටුහන් කළ දේශීය සමාගමක් වශයෙන්, වසර 21ක් පුරා සිය සමාගම පිළිබඳව අඛණ්ඩ විශ්වාසය තැබූ සමාගමේ සියලුම ගනුදෙනුකාර භවතුන් හා පාර්ශ්වකරුවන් වෙතත් ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙතත් ජාතියේ හරිත සන්නාමය වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය සිය ගෞරවනීය ස්තූතිය පුද කර සිටී.

මීට වසර 21ට ප්‍රථම වර්ෂ 2002 අගෝස්තු මස 14 දින ආරම්භ කළ සදාහරිත වැවිලි සමාගම දැනට ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම වාණිජ වැවිලි සමාගම වන අතර ජාත්‍යන්තරයට විහිදුණු ශක්තිමත් සමාගම් ජාලයක් බවට පත්වීම තුළින් සදාහරිත සමාගමේ ස්ථාවරත්වය සහ මූල්‍යමය ශක්තිමත්භාවය මනාව පිළිබිඹු කර ඇත.

සමාගම් 07කින් සන්නද්ධ දේශීය සහ ජාත්‍යන්තර ව්‍යාපාර ජාලයකින් සමන්විත සදාහරිත සමූහ ව්‍යාපාරයේ මවු සමාගම වන සදාහරිත වැවිලි සමාගම සමඟ සදාහරිත ඇග්‍රි ෆාම්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, සදාහරිත පුද්ගලික සමාගම, සදාහරිත ලෑන්ඩ්ස් සමාගම, ශ්‍රී ලංකාව තුළ දේශීය ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. සදාහරිත මැඩගස්කර් ලිමිටඩ්, සදාහරිත සිංගප්පූරු ප්‍රයිවට් ලිමිටඩ් සහ සියෝර් වෙර්දේ ලිමිටඩ්, එක්සත් රාජධානිය තුළ ගෝලීය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ශ්‍රී ලාංකීය සන්නාමය ලොව ප්‍රචලිත කිරීමට දායක වනවා සේම ජාතික අවශ්‍යතාවයක් වන විදේශ විනිමය ඉපයීමට ද ඍජුව දායකත්වය සපයනු ලබන්නේ දේශීය සමාගමක් වශයෙන් සිය යුතුකම හා වගකීම ඉහළින්ම ඉටු කරමිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division