Home » අයිලන්ඩ් ඩේරීස්ට SLIM SMEDA රන් සම්මානය

අයිලන්ඩ් ඩේරීස්ට SLIM SMEDA රන් සම්මානය

by mahesh
September 9, 2023 3:49 pm 0 comment

අයිලන්ඩ් ඩේරීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ලියනගේ වෙත සම්මානය පිරිනැමිණි. අයිලන්ඩ් ඩේරීස් සමාගමේ නිර්මාතෘවරයා වන ලියනගේ කරුණාරත්න විසින් අරඹන ලද මෙම සමාගම වර්තමානයේදී දිවයින පුරා ශාඛා ව්‍යාප්ත කරමින්, ඍජු සහ වක්‍ර රැකියා රැසක් සපයමින් දේශීය ගොවියන්ගේ කිරි ඉහළ මිලකට ගනිමින් කිරි ගොවීන් බලගැන්වීමට සුවිශාල දායකත්වයක් සපයයි. කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත උපාධි සහ ඩිප්ලෝමා හදාරන සරසවි සිසු සිසුවියන්ගේ පර්යේෂණ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමටද සමාගම කටයුතු කරයි.

දශක තුනකට වැඩි සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අයිලන්ඩ් ඩේරීස් සමාගමේ රස ගුණ සපිරි නිෂ්පාදන අතර සෙට් යෝගට්, පලතුරු යෝගට්, පැණි යෝගට්, රස තුනකින් එන යෝගට් පානය, මුදවපු කිරි, පැණි කජු ඇතුළු අයිස්ක්‍රීම්, දොඩම් පානය සහ නැවුම් එළ කිරි පානය ප්‍රමුඛ වන අතර කීල්ස් සහ ආර්පිකෝ සුපිරි වෙළෙඳසැල්වලටද ඔවුන්ගේ සන්නාම යටතේ නිෂ්පාදන රැසක් සපයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division