Home » ජනපති රනිල් හා සිංගප්පූරු ජනපති අතර හමුවක්

ජනපති රනිල් හා සිංගප්පූරු ජනපති අතර හමුවක්

by mahesh
August 21, 2023 1:51 pm 0 comment

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) උදෑසන ඉස්තානා හිදී සිංගප්පූරු ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමුවිය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල චාරිකාවක නිරත වේ.

සිංගප්පූරු ජනාධිපති යාකොබ් මහත්මිය සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ ජනාධිපතිවරුන් දෙදෙනා ආහාර සුරක්‍ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ කලාපීය ආර්ථික සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් “ඵලදායී” සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

“අපගේ මිත්‍රත්වය ශක්තිමත් සබඳතා සහ විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාවයෙන් ගොඩ නැගී ඇත. අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට බොහෝ ඉඩකඩ තිබේ. ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි,” යනුවෙන් ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය අදාළ සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division