Home » විසිපස් වසරක මතක එකතුව ඉන්ද්‍රකීලයක් සේ

විසිපස් වසරක මතක එකතුව ඉන්ද්‍රකීලයක් සේ

by mahesh
August 13, 2023 1:00 am 0 comment

එක හුස්මට දවස ගෙවා දැම්ම කාට කාටත් තමන් ගැන හිතන්න හිතන්න, නිදහසේ පොතක් පතක් කියවන්න, ගහක කොළක සිරි නරඹන්න… ඒ විතරක් නොවෙයි තම දරුවන් මවුපියන් සහෝදර සහෝදරියන් සමඟ නිදහසේ වචනයක් දෙකක් කතා කරන්න ජීවිත කාලෙටම ඉඩක් ලැබුණා නම් ඒ ලැබුණේ ගෙවුණ කොරෝනා කාලයේ ඇරඹුමත් සමඟය. අවිනිශ්චිතව ගෙවි ගිය ඒ කාල වකවානුවේ සියල්ලෙන් අතහැරි

නිවෙස්වලට වී ගෙවුණ කාලය සුන්දරයි කියලත් හිතෙන්නේ පවුලෙ අයට එකට ඉන්න ලැබුණ නිසයි. තමන්ට ජීවිතයේ මඟ හැරුණ කාර්යයන් කර ගන්නට බොහෝ දෙනාට හැකි වීමත් ඉතා වැදගත්. මේ කියන්නට යන්නේ ද එවැනි කතාවකි. කොරෝනා සමයේ ලියැවුණ කෘතියක් පිළිබඳ කතාවකි. මේ පොතේ කතුවරිය ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදිනි ප්‍රියන්තනී ගමගේ යහම්පත්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස සේවය කරන ප්‍රියන්තනී ලියූ “ඉන්ද්‍රකීලයක් සේ” කෘතිය පිළිබඳ ඇය කියන්නේ මෙහෙම කතාවක්.

“මම 1997 අවුරුද්දේ තුරුණු ශක්ති වැඩසටහනින් තමයි කරළියට ආවේ. 1998 වසරේ මම ජාතික තරුණ සේවා සභාවෙන් ජනමාධ්‍ය පාඨමාලාව හැදැරුවා. මාතර නාකුට්ටිය ගමේ උපන් මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වන්නේ 2000 වසරේ. ඒ සහන නිවේදිකාවක් ලෙසින්. මේ වන විට මගේ මාධ්‍ය ජීවිතයට අවුරුදු විසිපහක් වෙනවා. ඒ කොරෝනා කාලේ මට කොරෝනා පොසිටිව් වුණා. ඒ කාලේ ලියපු පොත තමයි “ඉන්ද්‍රකීලයක් සේ” කියන්නේ. අපි ඒ කාලේ පුදුම විදිහට හිස් වුණා කියලා මට හිතෙනවා. ගෙවල්වලට වෙලා ගත කරපු කාලේ අපතේ නොයවා මම ලබපු අත්දැකීම් එකින් එක ලියන්න ගත්තා. පොතක් කරනවද වෙන දෙයක් කරනවද කියලා කිසිම අදහසක් තිබුනේ නැහැ. කොහොම හරි මම මුලින්ම මේ සටහන් ටික මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සර්ට පෙන්නුවා. ඉන් පසුව ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයාට පෙන්නුවා. ඒ දෙදෙනාම මාව දිරිමත් කළා මෙය පොතක් කරන්න කියලා. පියසේන වික්‍රමගේ මාමාත් පොත කියවලා මාව උනන්දු කළා පොත පළ කරන්න කියලා. ඒ හැමෝගෙම ආශිර්වාදය තමයි මේ පොත එළිදක්වන්න මට විශේෂ උනන්දුවක් ඇති වුණේ. මගේ සැමියා දමිත පබෝද යහම්පත් හා මගෙ දුවයි, පුතයි මගෙ පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මතින් තමයි මට මේ පොත එළිදක්වන්න දිරියක් ලැබුණේ. ගුවන් විදුලි ජීවිතයේ ලැබූ අත්දැකීම්, මගේ යොවුන් වියේ අත්දැකීම් සියල්ලේ එකතුවක් තමයි මේ පොතේ තියෙන්නේ.”

ප්‍රීයන්තනී විසින් ලියන ලද ඉන්ද්‍රකීලයක් සේ කෘතිය සිය මාධ්‍ය ජීවිතයේ ලැබූ සොඳුරු අත්දැකීම් මෙන්ම ඇය සිය ළමා විය යොවුන් විය මෙන්ම ගෘහ ජීවිතයේ ලද අත්දැකීම් ඉතාම සරලව කියවන්නාගේ සිතේ සංකල්ප රූ මැවෙන අයුරින් ලියන්නට සමත් වී ඇත.

සිය මාධ්‍ය දිවියට වසර විසි පහක් සම්පූර්ණ වීම ද තවත් හේතුවක් කොට ඇය මේ කෘතිය එළි දැක්විමට අදහස් කර ඇත.

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division