Home » නිවසට දේව බැල්ම ලැබෙන තෙයියෝරු තෛලය

නිවසට දේව බැල්ම ලැබෙන තෙයියෝරු තෛලය

by mahesh
August 13, 2023 1:00 am 0 comment

සිඳගත් තෙලෙන් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ පහනක් දල්වන්න

තෙයියෝරු මන්ත්‍රයෙන් 7 වරක් මතුරන්න

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී

නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

 

තෙයියෝරු මන්ත්‍රය

ඕං ත්‍රීවෙඩුම්- කෛවීර ඉරම්- තෙය්යෝරු පෝරුම්- මෛයේලි තොල්ලි – කෛකඩයේරුම් – තෙයිඋර්ලවානේ- පෝදගිනිකාලි සෙයියාඩු සෙයියාඩු – පේසගිනිකාලි- පෝදගිනිධරණේ සෙල්ලුම් – පෝදගිනි- සෙන්දිරනානේ- ඉප්පුඩකෛයේරුම් – මුත්තුක්කොල් ආයිරම් කොන්ඩුම් මුච්චිපාඉරම් – සෙන්දුපාඉරම්- ඉන්දිරපාඉරම්- මුත්තුක්කුඩපාඉරම්- පෙරියපාඉරම්- අරුපත්තුඩන් ඔන්නු- ත්‍රීපුඩ නානේ රෙන්ඩු- ත්‍රීපුඩනානේ මූනු- ත්‍රීපුඩනානේ නාලු- ත්‍රීපුඩනානේ අන්චි- ත්‍රීපුඩනානේ ආරු-ත්‍රීපුඩනානේ යේලු- ත්‍රීපුඩනානේ අන්චි- ත්‍රීපුඩනානේ ආරු- ත්‍රීපුඩනානේ යේලු- ත්‍රීපුඩනානේ එට්ටු- ත්‍රීපුඩනානේ ඔන්බදු – ත්‍රීපුඩනානේ පත්තු ත්‍රීපුඩනානේ නමස්කාර – ඉන්දිරනානේ නමස්කාර නමස්කර- සෙන්දිරනානේ නමස්කාර නමස්කාර – කෛපුඩනානේ නමස්කාර නමස්කාර – කල්ලිපුඩ නානේ නමස්කාර නමස්කාර – සෙයිවීරනානේ නමස්කාර නමස්කාර – ඊස්වරනානෙ නමස්කාර නමස්කාර – ග්‍රී විෂ්ණු ණාරායනෙ නමස්කාර නමස්කාර -වෙසමුනියානේ නමස්කාර නමස්කාර – වීරපත්‍ර නානේ නමස්කාර නමස්කාර- හර හර කන්දස්වාමි නමස්කාර නමස්කාර – වල්ලිඅම්මා නමස්කාර නමස්කාර – සෙයිරගිනි නානේ නමස්කාර නමස්කාර – සෙයිරවර නාරායනේ නමස්කාර නමස්කාර – තෙල්ලිපුඩ කාල් පොරෝබු- ⁣ස්වාමිනේ පොරෝබු – සර්වලොක වශංකරාය- සර්වදේව වසංකරාය. සර්වභූත වසංකරාය- සර්වජන මෙවසංකරාය ස්වාහ….

සිළුමිණ “ඉසිවර“ පාඨක පින්වත් ඔබට අප අද ඉදිරිපත් කරන්නේ කිසිදා ප්‍රසිද්ධ මාධ්‍යයකින් ලබා නොදුන් දිව්‍යමය ඖෂධයකි. මෙම ලිපිය කියවන ඔබ ජීවිතයේ අපමණ දුක් – පීඩා විඳිමින් එම පීඩාවන්ගෙන් නිදහස් වීම පිණිස නොයෙක් උපක්‍රම යොදා ඒ සියල්ල අසාර්ථක වූ තැන ජීවිතේ ඉමහත් කලකිරීමකින් පසුවන අයෙක් විය හැකිය.

අසීමාන්තිකව ණයතුරුස්, නඩුහබ, සතුරු කරදර, දියුණුව උ⁣දෙසා කුමක් කළත් ඉන් කිසිදු සෙතක් නොලබා නිකරුණේ කාලය සහ අසීමිතව මිල මුදල් නාස්ති කරගත් අයෙක් විය හැකිය.

නිවෙස්වල එකම පවුලේ පිරිස අතර ඇති අමනාපකම් සහ නොරිස්සුම් ගති ව්‍යාපාර අඩාළව – නොසිතූ ලෙස රෝග පීඩාවන්ට ගොදුරුව කොපමණ ප්‍රතිකාර කළත් කිසිදු ගුණයක් නොලැබ ලෙඩ ඇඳ තුළම කාලය ගෙවීම මේ ආදී අනේක පීඩාවන්ට හේතුව පහත් පෙළේ – ප්‍රේත – භූත සහ කළ බන්ධනයන්ට හසු වූ අමනුෂ්‍ය බලවේගවල බලපෑමයි.

කොපමණ කුසල් අනුමෝදන් කළත් – දුකින් නිදහස් නොවන ප්‍රේත අමනුෂ්‍ය ආත්ම බොහෝ විට ජීවිතවලට අපමණ පීඩා ගෙන දේ.

මේ සියලු විපත් පුදුමාකාර ලෙස දුරු කරගෙන මහත් බල ඇති දෙවි දේවතාවුන්ගේ ඇල්ම-බැල්ම හා ප්‍රසාදය ලබාගෙන සෞභාග්‍ය කරා යා හැකි උතුම්ම ඖෂධ රත්නය වන්නේ මහා “තෙයියෝරු තෛලයයි”.

ඉතා පිරිසිදුව පහත සඳහන් බෙහෙත් ඖෂධ සපයාගෙන නියමිත පරිදි මෙම තෙල සිඳ “තෙයියෝරු මන්ත්‍රයෙන් හත් වරක් මතුරා දොස් ඇති භූමියේ හෝ නිවසේ හෝ ආයතනයේ එක පහනක් පමණක් දල්වන්න.

තැඹිලි ගෙඩියක් ඇස්ස ගසා එය අවශ්‍ය ස්ථානයේ තබා ඒ වටා සදුන් කිරි පැන් ඉස තැඹිලි ගෙඩිය මත පහන තබා දැල්විය යුතුය.

මාසයකට වරක් එක් පහනක් පමණක් එසේ දල්වන්න. මාස තුනක් ඇතුළත පහන් තුනක් දැල්වීම ඉතා ප්‍රමාණවත් වේ. ඉන් පසු අවශ්‍ය වන්නේනම් පමණක් හය මසකට වතාවක් පහනක් දල්වාගන්න.

 අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව

අමු ඉඟුරු, ඉය කොළ, සස්සඳ කොළ, දිවිපහරු කොළ, යක්වනස්ස, යක්බේරිය කොළ, යකිනාරන් කොළ, වෙලා කොළ, දෙහි ලෙලි, දෙඩම් ලෙලි, නාරන් ලෙලි , ඇහැළ දලු, ඇත්තොර දලු , වැල්පෙනල කොළ, නික කොළ, ඉරිවේරිය කොළ, ගම්මිරිස් කොළ, ලුණුවරණ ⁣ කොළ, බුලත් කොළ, හාතාවාරිය ⁣ කොළ, රසකිඳ කොළ, සැවැන්දරා මුල්, වම්මුතු යන මෙකී දේ කොටා මිරිකා ගෙන හැළියක වක්කරන්න. තැඹිලි, පොල් කිරි එයට වක්කර දෙහි ඇට, දොඩම් ඇට , කරඳ ඇට, කුඹුරු ඇට, එරබදු ඇට, පුස් ඇට, පෙතිතෝර ඇට, පිල ඇට, කොහොඹ ඇට, මූණමල් ඇට, නා ඇට, ඉඟුරු, ගම්මිරිස්, වද කහ, පෙරුංකායන්, සුදුලූනු, හරන් කහ, ගලිස්, කැකුණමල, දුම්මල, වල් ඉඟුරු, ඈලෙලි, ඉත්තෑකූරු, දේවදාර, අසමෝදන්, උළුහාල්, කුරුඳු පොතු, අබ, දෙදුරු ආදිය අඹරා හැළියට යොදා සිඳ ගන්න.

 

තෙයියෝරුවේ ගුණ

මේ තෙලට තෙයියෝරු මන්ත්‍රයෙන් සත් වර පුරවා පහන් අවුලනු. ඒ ස්ථානයට සියලු දෙවියෝ සතුටු වෙත්. පිල්ලි හූනියම් බැඳ එවූ යකුන්ගෙ හිර ⁣දෙවොල බන්දන නොවදී. යක්ෂ ලෙඩ යක්ෂ විකාර හීන මායා දිෂ්ටි දුරු වේ. භූත ප්‍රේත අභූත කුම්භාණ්ඩයින්ගේ ලෙඩ දුරු වේ. එක්ලෂ පනස්දාහක් යකුන්ගේ ලෙඩ දුරුවී දිෂ්ටි සමයන් අවතාර ඇරේ. ගම්පාලු භූමිපාලු පොත් අරක් ගත් මහ බල දේවතාවො නම් කියා දුවත්. සමසකින් හෝ ⁣ ⁣දෙමසකින් හෝ පහන් අවුලනු. සියලු දෙවියෝ දේවතාවෝ සතුටු වෙත්. උන් හිමි වස්තු කියත්. උන් කල ලෙඩ හරි. අංගම් පිල්ලි සූනියන් නොවදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division