Home » හෙරිටන්ස් කණ්ඩලම ජෛව විවිධත්ව භූමිය පුළුල් කරයි

හෙරිටන්ස් කණ්ඩලම ජෛව විවිධත්ව භූමිය පුළුල් කරයි

by mahesh
August 13, 2023 1:00 am 0 comment

ජෛව විවිධත්වයේ ක්ෂේම භූමියක් බඳු, හෙරිටන්ස් කණ්ඩලම හෝටලය විසින් පවත්වාගෙන යනු ලබන වනාන්තරය තව දුරටත් පුළුල් කෙරේ. දැනට අක්කර 198 ක සංරක්ෂණ වනාන්තරයක් වන එයට තවත් අක්කර 13 ක් එකතු කරන ලදී. මෙම භූමි ප්‍රමාණය හෙරිටන්ස් කණ්ඩලම විසින් නඩත්තු කරනු ලබන්නකි.

එයිට්කන් ස්පෙන්ස් සමාගම පාරිසරික තිරසරභාවය සම්බන්ධයෙන් දිගුකාලීන කැපවීමක් අනුව ක්‍රියා කරන සමාගමකි. එයිට්කන් ස්පෙන්ස් හෝටල් පද්ධතියට අයත් ‘හෙරිටන්ස් කණ්ඩලම’ ජෛව විවිධත්වයෙන් යුත් වනාන්තරය පුළුල් කිරීම පිළිබඳව නිවේදනය කරන්නේ මහත් ආඩම්බරයෙනි.

සැලකිය යුතු මූල්‍ය ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස සිදු කෙරෙන මෙම වනාන්තරය පුළුල් කිරීම නිසා දැනට ඇති සංරක්ෂණ වනාන්තරය අක්කර 211 ක භූමියක් පුරා විසිරී පැතිරී යනු ඇත. එමඟින් දැනට පවතින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාව රක්ෂිතය සහ ‘හෙරිටන්ස් කණ්ඩලම’ වන රක්‍ෂිතය අතර, කදිම සම්බන්ධිතයක් නිර්මාණය කෙරෙයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කෙරෙන පාරිසරික සංරක්ෂණයේ තෝතැන්නක් මෙම වන ව්‍යාප්තිය මඟින් ස්ථාවර කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division