Home » අබාන්ස් වෙතින් මිස්ට්‍රාල් ඉලෙක්ට්‍රික් අවන්

අබාන්ස් වෙතින් මිස්ට්‍රාල් ඉලෙක්ට්‍රික් අවන්

by mahesh
August 13, 2023 1:00 am 0 comment

මිස්ට්‍රාල් සන්නාමය වසර 1968දී ආරම්භ කරන ලද කීර්තිමත් ඕස්ට්‍රේලියානු සන්නාමයකි. ඔවුන් සතුව ඇති නවීනත්වය මුසු වූ විවිධත්වයෙන් යුතු නිෂ්පාදන සමූහය ආසියානු කලාපය තුළ බෙහෙවින් ප්‍රචලිතව ඇත. මිස්ට්‍රාල් ඉලෙක්ට්‍රික් අවන් නිවසේ බේකින් කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමේ දී බෙහෙවින් උපකාරී වන අතර, ඉවුම් පිහුම් කලාව ගැන උනන්දු වන සෑම අයෙකුටම විදුලිය ඉතුරු කරමින් රසවත් අත්දැකීමක් ලබා දීමට සමත් වෙයි. වෙනස් ධාරිතාවන් තුනකින්, විවිධ වූ උපාංග සහ වැඩි දියුණු කළ විශේෂාංග සමඟින් විශිෂ්ට බේකින් අත්දැකීමක් මිස්ට්‍රාල් ඉලෙක්ට්‍රික් අවන් විසින් පහසුවෙන් ලබා දෙයි.

විවිධ බේකින් අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි මිස්ට්‍රාල් ඉලෙක්ට්‍රික් අවන් ධාරිතාවන් 3 කින් ලබාගත හැක. 23L, 32L සහ 45L යන එකිනෙකට වෙනස් ධාරිතාවන්ගෙන් ලබාගත හැකි මිස්ට්‍රාල් ඉලෙක්ට්‍රික් අවන් පුද්ගලිකව භාවිතා කිරීම සඳහා කුඩා ධාරිතාවයෙන් මෙන්ම පවුලේ සියලු දෙනා සඳහා අවශ්‍යතාවයට සරිලන පරිදි විශාල ධාරිතාවයෙන්ද භාවිතා කළ හැක. Baking Trays, Wire Racks සහ Rotisserie ඇතුළු උපාංග මෙහි දැක ගත හැක. මේවා මඟින් බේකින් කටයුතු වඩාත් පහසු කරන අතර විවිධත්වයෙන් යුතු ආහාර වර්ග බේක් කර ගැනීමේ අවස්ථාව හිමිවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division