Home » ඩයලොග් 5 වැනි වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීමකට

ඩයලොග් 5 වැනි වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීමකට

by mahesh
August 13, 2023 1:00 am 0 comment

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරුකරණ උපදේශන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේ දී රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, අඛණ්ඩව 5 වැනි වසරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය’ ලෙස තේරීපත්ව ඇත. එමෙන්ම AAA+ සන්නාම ශ්‍රේණිගත කිරීමද ලබා ගනිමින් ඩයලොග් ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම සන්නාමය’ සහ අඛණ්ඩව 16 වැනි වරටත් ‘වටිනාම සන්නිවේදන සන්නාමය’ යන නාමයන්ගෙන් ද පිදුම් ලැබීය. ඩයලොග්, ‘වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය’ යන ඇගයීම් නාමය 07 වැනි වරටත් හිමිකර ගැනීමෙන් පිළිබිඹු වන්නේ, මෙරට මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයින් ඩයලොග් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසර ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන්, මෙරට ජන ජීවිතය හා ව්‍යවසාය සවිබල ගැන්වීමේ ඩයලොග් සතු නොසැලෙන කැපවීමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division