Home » රැකියා වෙළෙඳපොළ වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන එක් වෙයි

රැකියා වෙළෙඳපොළ වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන එක් වෙයි

by mahesh
August 5, 2023 1:00 am 0 comment

ජාතික හා ජාත්‍යන්තරව පවතින ඉහළ රැකියා ඉල්ලුම වෙනුවෙන් අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා රජයේ සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශි කොට පොදු වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස කෝප් අනු කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශ රැකියා සඳහා ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව එම කමිටුව මඟින් අවධාරණය කර තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෘතීයික කාර්මික අධ්‍යාපනයට

අදාළ අනු කමිටු විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඉකුත් 3 වනදා රැස් වූ අවස්ථාවේදීය. එම අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.

 රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division