Home » දකුණේ විදුලි රැහැන් අර්බුදය විසඳන්න කමිටුවක්

දකුණේ විදුලි රැහැන් අර්බුදය විසඳන්න කමිටුවක්

by mahesh
August 5, 2023 1:00 am 0 comment

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත .

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220ෙක ධාරිතාවක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදුවීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසා බව හෙළි වී තිබේ.

එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී තිබේ.

එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටලුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහයන් විසින් ලබා දුන් උපදෙස් අනුව අදාළ කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

දකුණු පළාත ප්‍රමුඛ දිස්ත්‍රික්ක පහකට විදුලිය සපයනු ලබන්නේ සමනල වැව ජලාශයෙන් උත්පාදනය කරන ජල විදුලියෙනි. යම් හෙයකින් සමනල වැව සිඳී ගියහොත් පැය ගණනාවක් දකුණු පළාතට විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩල නිලධාරීන් රජයට දැනුම් දී ඇත.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division