Home » ගමෙන් ගෙදරට වැඩසටහන 20වැනි වරටත් සාර්ථකව

ගමෙන් ගෙදරට වැඩසටහන 20වැනි වරටත් සාර්ථකව

by mahesh
August 5, 2023 1:00 am 0 comment

Cargills විසින් සංවිධානය කරනු ලබන ‘ගමෙන් ගෙදරට‘ වැඩසටහනේ 20 වන පියවර ඉකුත් ජූලි 29 සහ 30 යන දිනයන් හි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 22 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සහ තම පාරිභෝගික ප්‍රජාව වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ මෙරට සුළු ‍ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) අත්‍යවශ්‍ය සහාය ලබා දීම සඳහා Cargills 2020 දී තම ‘ගමෙන් ගෙදරට‘ වැඩසටහන දියත් කරන ලදී. වසංගත තත්ත්වය මේ වන විට පහව ගොස් තිබුණ ද මෙම වැඩ පිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ‘ගමෙන් ගෙදරට‘ 20 වන පියවර තබන ලදී. ඒ Cargills Foodcity – දෙල්කඳ 2 ශාඛාවේදිය.

මෙම වැඩසටහන ආරම්භයේ පටන් Cargills සමාගම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 800කට අධික සංඛ්‍යාවකට තමන්ගේ නිෂ්පාදන Cargills හි පුළුල් පාරිභෝගික ජනතාව වෙත එළිදැක්වීමට පුළුල් ඉඩක් සකසා දී තිබේ. මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන දුෂ්කරතා අවම කරගැනීම සඳහා, Cargills මෙම ව්‍යවසායකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට මෙන්ම, තම නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒමට අවශ්‍ය දැනුම ද ලබා දී තිබේ. එමෙන් ම Cargills ජාලය සතු Cargills Bank වෙතින් මෙකී ව්‍යවසායකයන්ට තම නිෂ්පාදනයන් ඉහළ නැංවීමට අදාළ මූල්‍ය විසඳුම් ද ලබා දේ.

ඉන් පරිබාහිරව, මසකට වරක් ඔවුන්ට තම නිෂ්පාදන එළිදැක්වීමට Cargills සමාගම විසින් අවස්ථාව ලබා දෙනවා සේම එම වෙළඳ කුටි සම්පූර්ණයෙන් නඩත්තු වන්නේ Cargills හරහායි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division