FitsAir සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි | සිළුමිණ

FitsAir සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත් කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇත. ගමනාන්ත 3 ක් පමණක් ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරයි.

FitsAir සිය ජාත්‍යන්තර මගී සේවා 2022 ඔක්තෝබර් මාසයේදී දියත් කරනු ලැබුවේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලෙන් යුත් පහසු සංචාරක විකල්පයන් ලබා දීමේ අරමුණෙනි. මේ හේතුවෙන් ආරම්භයේ සිටම සිය සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වර්ධනය වීමක් ගුවන් සමාගමට අත්විඳිය හැකි විය.

 

Comments