හංවැල්ල - ඇඹුල්ගම රිය අනතුරක් - 22කට තුවාල | සිළුමිණ

හංවැල්ල - ඇඹුල්ගම රිය අනතුරක් - 22කට තුවාල

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ.
 
එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
 
කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
 හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලැබේ. 

Comments