
පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් 14 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම කලාප ක්‍රමය මත පදනම්ව සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික සීමානිර්ණ කමිටුව වෙත යෝජනාවක් භාරදී ඇත.
පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම ගැටලුසහගත බවට දේශපාලන පක්ෂ විසින් ජාතික සීමා නිර්ණ කමිටුව වෙත විරෝධය පළ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවලිය බාරදී ඇත. ජාතික සීමා නිර්ණ කමිටු නියෝජිතයන් හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ දී මෙම යෝජනාවලිය බාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර ඇතුළු කණ්ඩායමක් ජාතික සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මතා මුණ ගැසී මෙම යෝජනාවලිය බාරදී ඇත.
එහිදී පවතින සීමා නිර්ණය අනුව විශාල ප්‍රදේශ ඇතුළත් පලාත් පාලන ආයතන සඳහා සභිකයන් පත්වීමේ අසමමිතික තත්ත්වයක් පවතින බව පුත්තලම, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 06ක් උදාහරණ ලෙස ගනිමින් පෙන්වා දී තිබේ.