කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සිසුන්ට මූල්‍යාධාර | සිළුමිණ

කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සිසුන්ට මූල්‍යාධාර

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුව මඟින් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යාධාර පිරිනැමීම එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු කෙරිණි.

එම උත්සවයේදී උපකුලපතිවරයා සිසුවියකට මූල්‍යාධාර පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ. විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ උපසභාපති මා.ආ.උ.ද සොයිසා, ප්‍රධාන ලේකම් ලංකා ප්‍රසාද්, භාණ්ඩාගාරික ආනන්ද ජයවීර, විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ.ඒ.එස්.එඩ්වඩ් සහකාර ලේඛකාධිකාරී ප්‍රසන්න ද සිල්වා ද මෙහි වෙති.

(ඡායාරූපය - සුදත් නිශාන්ත)

Comments