මේ වසරේ සිරකරුවන් 2,720ක් නිදහස් | සිළුමිණ

මේ වසරේ සිරකරුවන් 2,720ක් නිදහස්

2023 වර්ෂයෙ මේ වන විට සිරකරුවන් 2639ක් දෙනෙකු විශේෂ ජනධිපති සමාව යටතේ දිවයිනේ බන්ධනාගාරයන් අතරින් නිදහස්කර යවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
එම සිරකරුවන් අතරින්, 2023.02.04 වන නිදහස් දිනය වෙනුවෙන් පිරිනමන ලද ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 640ක් නිදහස් කර යවා ඇත. පිරිමි සිරකරුවන් 626ක් ද කාන්තා සිරකාරිනියන් 14ක් දෙනෙකුද ඊට අයත්විය. 
 
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව පුනරුත්ථාපනය වූ සිරකරුවන් 401 දෙනෙකු ප්‍රජාවිශෝධන නිලධාරීන්ගේ අධීක්ෂණයට ද භාර දී තිබේ. 
 
මිට අමතරව 2023.05.05 වෙසක් පොහොය නිමිත්තෙන් පිරිනමන ලද ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලද සිරුවන් සංඛ්‍යාව 1012ක් වන අතර එම සිරකරුවන් අතුරින් පිරිමි සිරකරුවන් 1005ක් ද, කාන්තා සිරකාරිනියන් 07ක් ද නිදහස්කල අතර 586 දෙනෙකු මමත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව පුනරුත්ථාපනය වූ සිරකරුවන් වන අතර ඔවුන් ප්‍රජාවිශෝධන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතට භාරදී ඇත.
  
මීට අමතරව බලපත්‍ර බණ්ඩලය මගින් 2023 වර්ෂයේ සිරකරුවන් 81 දෙනෙකු නිදහස් කර තිබේ.
 
ඒ අනුව 2023 වර්ෂය තුල විශේෂ ජනාධිපති සමාවෙන් සහ බලපත්‍ර මණ්ඩලය මගින් සිරකරුවන් 2720 දෙනෙකු නිදහස ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 

Comments