විදෙස් ආයෝජන කම්හල් කලාප ඇතුළත පමණයි | Page 2 | සිළුමිණ

විදෙස් ආයෝජන කම්හල් කලාප ඇතුළත පමණයි

විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුළත පමණක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. විදෙස් ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව රටේ ස්ථාන කිහිපයක අලුතින් ආයෝජන සැකසුම් කලාප කිහිපයක් පිහිටුවීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ආයෝජන කලාප කිහිපයක් පිහිටුවීම සඳහා දැනටමත් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බව රජය පවසයි. විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා මෙරටට පැමිණි මුල් සමයේ දී ආයෝජන සැකසුම් කලාප වල පමණක් ඒවා ස්ථාපිත කෙරුණු නමුත් රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ එම කම්හල් පිටස්තර ස්ථානවලත් ස්ථාපිත කෙරිණි. ආයෝජන කලාප ඇතුළත වෙනම ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන හෙයින් පිටස්තර කිසිවකුටත් ආයෝජකයන්ට බලපෑම් කිරීමට නොහැකි වන පරිදි රජය ඉහත තීරණය ගෙන තිබේ.

 

Comments