
ත්‍රස්තවාදීන්ගෙන් රට රැක ගැන්මට තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ 28,708 දෙනෙක් දිවි පිදූහ. ආබාධිත වූ හමුදා විරුවන් ගණන 40,107කි. එසේ දිවි කැප කරමින් යුද්ධය අවසන් කරන්නට දායකත්වය ලබා දුන් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මැයි මස 19 වෙනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල පැවැති ජාතික ආරක්ෂක සැමරුමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් යුද විරුවන්ට තම ගෞරවය පුද කළ අයුරු මෙහි දැක්වේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසක්ම විදේශීය මහ කොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිස් රැසක්ද ඊට සහභාගි වූහ. එමෙන්ම අවසන් මානුෂීය මෙහෙයුමේ ත්‍රිවිධ හමුදාපතිවරුන් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ , මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මෙන්ම ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක්ද යුද්ධයේදි දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන්ද සහභාගි වූහ.