අපොස විභාග සුපුරුදු පරිදි උ.පෙළ අගෝස්තු සා.පෙළ දෙසැම්බර් | සිළුමිණ

අපොස විභාග සුපුරුදු පරිදි උ.පෙළ අගෝස්තු සා.පෙළ දෙසැම්බර්

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ලබන වසරේ සිට පෙර පැවැති කාල වකවානුවේදීම පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට කීය. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම විභාග

පැවැත්වීමේ කාලසටහන විශාල වශයෙන් වෙනසකට ලක් විය. ඒ අනුව එළඹෙන මැයි 29 වැනිදා පැවැත්වෙන්නේ 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයයි.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ ඒ වෙනුවෙන් පාසල් නිවාඩු කාලය අඩු කිරීම ද විෂය කොටස් ආවරණයට වැඩි වේලාවක් වෙන් කර ගැනීම ඇතුළු කටයුතු රාශියක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සඳහන් කළේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගැයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් 2023 සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මාර්තු හෝ අප්‍රේල් මස පවත්වා, 2024 උසස් පෙළ විභාගය සුපුරුදු පරිදි අගෝස්තු මසදීත් 2024 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මසදීත් පැවැත්වීමට අදහස් කරන බවය.

මේ වන විටත් 2022( 2023) උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු සිදු කරමින් පවතින බවත්, එය මේ මස 29 වැනිදායින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග දිනවලද අඛණ්ඩව සිදු කරමින් යන බවත් බොහෝ විට උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මස ලබා දීමට උත්සහ කරන බවත්ය.

2022( 2023 ) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනි දින සිට ජූනි මස 8 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වේ. පාසල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් විදුහල්පතිවරුන් වෙතටත්, පෞද්ගලික අයැදුම්කරුවන්නේ ප්‍රවේශපත්‍ර අයැදුම්පතේ සඳහන් ලිපිනයටත් තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Comments