දෙව් බඹුන් පැහැදෙන ගාථාවලින් පින් දී හදන | සිළුමිණ

දෙව් බඹුන් පැහැදෙන ගාථාවලින් පින් දී හදන

මහා බලවත් නමස්කාර පාඨ යන්ත්‍රය

හරියට කළොත් ඔබ මවිත වන ප්‍රතිඵල

දිනකට 334 වරක් භාවිත කරන්න

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වම්මා නරද්ධ ගසමො අම්බුභතෝ නතෝ සස්ස හස්ස

සතො තම්බු භග නම්මා අස්සසද්ධො වමෝ සරහස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

 

 

මෙම ගාථාව සිල්වත්ව ගුණවත්ව යමෙක් දිනපතා දහස් වර භාවිත කරන්නේද ඔහුට විශ්ව ආකර්ෂණය නිසැකවම ලැබී යටි සිත අවදි වෙනවාමයි. එය සත්‍යයකි. එයින් ඔහුට හෝ ඇයට යම් විශ්ව බලයක් ඇති වේ. ඒ සඳහා අනුගමනය කළ යුතු කරුණු රාශියකි.

මෙම උතුම් ගාථා රත්නය බ්‍රහ්ම හෝරාව තුළ දී පිරුවටයක් ඇඳ ශාන්ත වූ ගතියෙන් බිම වාඩි වී නව ගුණවැල දකුණතින් දරා දිනකට 334 වර භාවිත කරන්නේ යමෙක්ද ඔහුට හෝ ඇයට මුදල් අඩුපාඩු නොවේ. ව්‍යාපාර රැකියා අධ්‍යාපන, දරු සම්පත් අඹුසැමි සමඟිය නෑදෑ හිතවත්කම් මෙකී නොකී ලෞකික සමාජය තුළ ඇලීමම බලාපොරොත්තු වන්නේ යම් සේද ඒ දේ ලැබෙනවාමයි. උදේ හවස ගමන් බිමන්වලදී මෙන්ම තමාට ඉඩ ලැබෙන ඕනෑම මොහොතක මෙය භාවිත කිරීම මැනවි ප්‍රතිඵල සහිතයි.

අපි හිතමු එසේ කිරීමට ඔබට නොහැකිය. ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේනම් පහත ක්‍රමය අනුගමනය කිරීමට ඔබට හැකිය. එයින් ලැබෙන ප්‍රතිඵල අනන්තය; අප්‍රමාණය. මෙය ඔබ භාවිතයෙන් ඔබට ප්‍රතිඵල ලැබෙන විට ආශාව ඇති වී වාර ගණන වැඩිකර කියවීමට ඔබ හුරු වනු ඇත.

රූප සටහනේ පෙන්වා ඇති යන්ත්‍රය තඹ රිදී රන් පතක තමාගේ පක්ෂි රජ භෝජන පුර පක්ෂයේ බුධ දිනක අලුයම් කාලයේ ශාස්ත්‍රානුකූලව ඇත. පන් වට්ටියක බුලත් අසුරා ඒ මත සුදු හඳුන් කුඩු ඉස තැඹිලි ගෙඩියක් තබා තැඹිලි ගෙඩිය උසට කැලෑ මල්, විලේ පිපෙන මල්, වැල්වල පිපෙන මල්, ගස්වල පිපෙන මල් තබා සුවඳ සාම්බ්‍රාණි දුන් දී හඳුන්කූරු, කපුරු, ගිතෙල්, තලතෙල්, සඳුන් තෙල්, අඹ තෙල් පහන් දල්වා මන්ත්‍රිකයා ඉස සෝදා නා පිරිසිදු වී පිරුවට ඇඳ නැගෙනහිරට හෝ ඊශාන දිසාවට මුහුණලා සිංහ ලීලාවෙන් යුතුව පන්සිල් ගෙන අට විසි පිරිත 21 වර කියා මහා බ්‍රහ්මයා ඇතුළු දේව සමූහයා සිතින් සිහිකර දිනකට අලුයම පැය 03 බැගින් දින 07ක් 24000ක් පිරිත් කර ගෙල පැලඳීමෙන් සියලු ජය අත්වෙනවා සත්තයි. පිරිත් කිරීමේදී අවසානයේ පහත ගාථාවෙන් දෙවියන්ට පින් දෙන්න.

 

මහා බ්‍රහ්මයාට පින් දීම

ගාථාව -

සන්තෝ දන්තෝ දිනිමත්තෝ

පන්තෙන්තො සම්බෝධි මුත්තමෝ

සංච් වේදාපති බ්‍රහ්මෝ

කතා මේ පුඤ්ඤානුමෝදතු

අර්ථය - ඍක් යපුර් සාම අර්ථවත් යැයි කියනු ලබන චතුර්වේදයට අධිපති වූ ශාන්ත වු දැමුණු ඉඳුරු ඇති ධෛර්යයවත් වූ ඒකාන්ත වශයෙන් උතුම් වූ සම්මා සම්බුදු බවට පැමිණෙන්නා වූ මහා බ්‍රහ්ම දේවේන්ද්‍රයාණන් වහන්ස ඔබ වහන්ස මා විසින් කරන ලද මේ පින් අනුමෝදන් වේවා.

 

ගාථාව -

වන්දෝතං බ්‍රහ්මත්වං පාද

දෙහි මේ සති මේ ධිති

මනසා නිවසිස්සාම් ත්වං

ගන්හාතු පුඤ්ඤ සම්පදං

 

අර්ථය - මහා බ්‍රහ්මයානෙණි, මා ඔබගේ පා පියුම් වඳිමි. ඔබ වහන්සේ භක්තිමත් වු මට ස්මෘතිය සහ ධෛර්යයත් ලබා දෙව මැනව. ඔබ සෙවණෙහි මම සිතින් බැඳි වාසය කරමි. එහෙයින් මේ පුඤ්ඤ සම්පත්තියද ඔබවහන්ස ගනු මැනව.

 

ගාථාව -

සුධම්මා දේව විමනස්මිං

නිසින්නෝ දේව ගණ පරිවුතෝ

සහම්පති තාම බ්‍රහ්මෝ

ඉදං පුඤ්ඤාණු මෝදතු

 

අර්ථය - දිවිය සමූහය පිරිවරා ගෙන සුධර්ම නම් දිව්‍ය විමානයෙහි වැඩ සිටින්නා වූ සහම්පති නම් මහා බ්‍රහ්මයානෙණි, මේ පින් ඔබ වහන්සේ අනුමෝදන් වේවා.

පළමුකොට මහා බ්‍රහ්ම සහම්පති දෙවියන්ට පින් දී දෙවනුව සියලු දෙවියන්ට පින් දෙන්න.

ගාථාව -

සියලු සත්ත්වයන්ට හිත සුව පිණිස ඇවැඩ වූ සියලු ක්‍රියා විනාශ කෙරේවා

මාගේ දියුණුවට මග සලසා මා කළ පින් ඔබ වහන්සේලා අනුමෝදන් වෙත්වා

 

ගාථාව -

බඹ සුර නර නාථා

දීප වාසිසු සත්තා

සුබ දුක්ඛ හි විහරත්තා

මෝදින පපුඤ්ඤ සෙට්ඨා

 

අර්ථය - ලක්දිව වාසය කරනා මිනිස් වර්ගයා වෙත පිහිට වී වදාරණ බ්‍රහ්ම දේව ඍෂි ආදී සත්හු සැපෙහිදි මෙන්ම දුකෙහිදීත් මිනිසුනට පිහිට පිණිස සිටිනවා. ඔබ වහන්සේලා උසස් වූ මේ පින අනුමෝදන් වෙත්වා.

 

ගාථාව -

කතාං අම්හෙහිමං සාධු

ගන්ධ දිපා පි පූජයෝ

කරුඤ්ඤං පතිගන්හන්තු

පුඤ්ඤ දානංච තිස්සයං

 

අර්ථය - අප විසින් මනාකොට පිළියෙල කරන ලද සුවඳ දුම් පහන් සහ පූජාවන් අප වෙත කරුණාවෙන් පිළිගනිත්වා

 

ගාථාව

මම සිරස ලලාටේ

අං සිතෝ රූප සනයෝ

ස්වමසි හදය රූපේ

සාදරං පුඤ්ඤ ලාහෝ

 

අර්ථය - මාගේ සිරසේ හා නලලේ සංකේත වී ඇත්තේ ඔබ වහන්සේලාගේ රූප කායන්ය. එපමණක් නොව මාගේ හදවතේද සටහන් වී ඇත්තේ ඔබ රූපමය. එහෙයින් සාදරයෙන් මේ පිං ඔබ වහන්සේලා අනුමෝදන් විය යුතුය.

ගාථාව

ආකාස රූපේ හිම ජල විලේ

පබ්බ නාදිසු සෙට්ටචා

පාතාලේ තරු වන ගහනේ ගාම

නිගමා හිරුයා සේනා සබ්බේපි

නිවසන්තා රවනදිසු ග්‍රහ මණ්ඩලා

සම්මා සත්ත විත්තා සාදරං

පුඤ්ඤ ලාභ සිද්ධ සුධර්ථ දේවා

 

අර්ථය - රවි සහිත ග්‍රහ මණ්ඩලයටත් හිම සහිත ආකාශයටත් සිවු මහා ගංගා සත් විල් ප්‍රධාන ජලස්ථාන යටත් පර්වත ගස් වන ගහන ගම් නියම්ගම් ආදී මනා රූපස්ථාන සහිත වූ පෘථුවි තලයටත් මනාකොට දිවැස් හෙළ වැඩ වදාරන දිව්‍ය සේනාවන් විසින් සහ ධාන්‍ය සම්පත්ති ලැබීම වශයෙන් ශාන්තභාවයට පත් සිත් ඇති සිද්ධ සුධර්ෂ්ටඕ බ්‍රහ්ම ලෝකය දක්වා විහිදි දිවැස්ලා වැඩ වදාරන දෙවි බඹ සේනාවන් විසින් අනුමෝදන් කරන ලද මේ පින් ලැබිය යුත්තාහය.

ඉහත ගාථා සමූහය කියා දෙවියන්ට පින් අනුමෝදන් කර යන්ත්‍රය පැලඳ ගැනීම මැනවි. මෙහි ප්‍රතිඵල එසේ මෙසේ කීමට බැරිය. මෙයින් ඉසිවර පාඨක ඔබට යහපතක්ම වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

කේ. එස්. එස්. යෝදින්ගේ

Comments