දරුවාගේ අධ්‍යාපනය සාර්ථක කරන අතිප්‍රබල තාම්බුල පූජාව | සිළුමිණ

දරුවාගේ අධ්‍යාපනය සාර්ථක කරන අතිප්‍රබල තාම්බුල පූජාව

ඉතා බලගතු සරස්වතී මන්ත්‍රය

දරුවා පාඩම් කරන විට මන්ත්‍රය තුන් වරක් කියන්න

බෝධි පූජාවේදී දරුවාට සෙත් පතන්න

 

මෝරන ලද බුලත් කොළයක් කහ දියරෙන් සෝදා පන්හිඳෙන්, කවකටුවෙන් හෝ දෙහි කටුවකින් ඔබට පහසු අන්දමට පහත දැක්වෙන පරිදි බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් අඩංගු වන සංකේත තුන ඇඳගන්න. යටින් නම සහ ලග්නයද ලියන්න. (බුලත් කොළයේ පිට පැත්තේ)

පන්සල් භූමිය වෙත ගොස් බෝධින් වහන්සේගේ අත්තක තුන් නූල් පටකින් එල්ලා බෝධි පූජාව කරන්න.

ඊට පසු මෙම මන්ත්‍රය 9 වරක් කියන්න.

ඕං සරස්වතී නමඃ

ආවෙට්ටු පිතාච එනවල් හේට්ටු නමඃ

ක්ෂීර පායස නමඃ

භාවෙශ්‍රී සරණඃ

සරස්වතී නමෝ නමඃ

 

දරුවාට බලපාන ග්‍රහ අපල දෝෂ දුරු වේවා ශාන්තිය ලැබේවායි ආශිර්වාද කර නිවසට පැමිණ බුලත් කොළය පිරිත් පොතක් ඇතුළත තබා දරුවා හෝ බණ පොතක් පාඩම් කරන විට බුලත් කොළය දෑතට ගෙන ඉහත සඳහන් මන්ත්‍රය 3 වරක් කියන්න.

මේ මහානුභාව සම්පන්න තාම්බුල පූජාව කිරීමෙන් ඉගෙනීම් කටයුතු දියුණු වේවා. අලසකම නැතිවී ධාරණ ශක්තිය ලැබී දුර්වලකම් පහවී දරුවා ඉගෙනීමට දක්ෂ වේවා.

විභාගයට පෙනී සිටීමට දින 21 ට පෙර මෙම බලගතු පූජාව කරන්න. විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබේ. ඉතාම දයාවෙන් "ඉසිවර" දයාබර පාඨකයන්ගේ හිතසුව පිණිස තාම්බුල මහා පූජාව තිළිණ කරමු.

Comments