වෙබ්මිතික ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන කොළඹ සරසවියට | සිළුමිණ

වෙබ්මිතික ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන කොළඹ සරසවියට

පසුගියදා නිකුත් කළ 2023 වෙබ්මිතික ශ්‍රේණිගත කිරීම් හි පළමු සංස්කරණය අනුව (2023 Webometrics Ranking ) කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය බවට පත්ව සිටියි. මෙහි දෙවැනි තැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයද, තෙවැනි තැන ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද සිවුවන තැන මොරටුව විශ්ව විද්‍යාලයට පස්වැනි තැන රුහුණු විශ්වවිද්‍යාලයද හිමිකර ගෙන සිටියි. පර්යේෂණ සිදු කිරීම් මෙන්ම ඉගැන්වීමේ විශිෂ්ටත්වය ඇතුළු කරුණු කාරණා මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ කැපවීම මෙම Webometrics ශ්‍රේණිගත කිරීම්වලදි විශේෂ අවධානයක් යොමු කර ඇති ඇත. විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොළඹ විශ්වවිද්‍යාලය 1531 ස්ථානයේ සිට සිට 1468 ස්ථානය දක්වා අභිභවා ගියේය

Comments