ත්‍රිරෝද රථ විදුලියට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹේ | Page 2 | සිළුමිණ

ත්‍රිරෝද රථ විදුලියට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹේ

විදුලි බලය භාවිත කරන ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ සමාරම්භක වැඩසටහන ඉකුත් මැයි 11 වෙනිදා පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් මූල්‍ය ආධාරයක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය සඳහා පෙට්‍රල් ත්‍රිරෝද රථ 200ක් දැනටමත් තෝරාගෙන තිබේ. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත අෂුසා කුබෝටා විසින් එම ව්‍යාපෘතිය ආරම්භ කරමින් විදුලියට පරිවර්තනය කළ ත්‍රිරෝද රථයකින් ගමන් ගත් අයුරුයි මේ.

මෙම විදත් ත්‍රීරෝද රථ පරිවර්තනය හරහා ත්‍රිරෝද රථ රියදුරකුට කිලෝමීටරයකට වැය වන ගාස්තුව රුපියල් 3ක් දක්වා අඩුවන බවත් එක්වරක් චාර්ජ් කළ විට කිලෝමීටර් 100ක් ධාවනය කිරීමට හැකියාව ලැබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සූර්ය බල ආරෝපණ මධ්‍යස්ථාන රජය විසින් නගරාශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිළුමිණට ප්‍රකාශ කළේය.

Comments