දරුපල නොලැබෙන ග්‍රහ පිහිටීම් | සිළුමිණ

දරුපල නොලැබෙන ග්‍රහ පිහිටීම්

විවාහයෙන් පසු දරුපල ගැන කියන වෘක්ෂ පොරොන්දම

5 අධිපති 9 අධිපති සහ ගු රු ග්‍රහයා බලවත්වූ විට වෘක්ෂ පොරොන්දම සුබ නොවුණත් දරු සම්පත්  හිමි වෙයි

 

ස්ත්‍රි පුරුෂ දෙදෙනාට  හර වෘක්ෂයනට අයත් නැකැත් තිබීම අසුබයි

 

විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පොරොන්දම් ගැළපීමේදී වෘක්ෂ පොරොන්දම අනුව දරුපල ගැන විමසීම් කරයි. වෘක්ෂ පොරොන්දම තුළින් විවාහයෙන් පසු දරු පිහිටීම් ගැනද කිව හැකිය. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම නැකැත් තිථි වෘක්ෂ ගණයේ පිහිටිම් දරුපල ලැබීමට හේතුවක් සේ දක්වයි. එමෙන්ම කාන්තා ජන්ම නැකැත කිරි වෘක්ෂයක් වීමද දරුපල ලැබීමට යෝග්‍ය පිහිටීමක් වුවත් මෙය මධ්‍යස්ථ භාවයෙන් යුතු බවක් දක්වයි.

ස්ත්‍රිය 'හර වෘක්ෂයක්' වී පුරුෂයා 'කිරි වෘක්ෂයක්' වීම දරුපල අඩු වීමට හේතු වෙයි. එමෙන්ම ස්ත්‍රි පුරුෂ දෙදෙනාටම හර වෘක්ෂයකට අයත් නැකැත් වීම අසුබයි.

දරු පලවලට හානි කරයි. විශේෂයෙන් පුෂ, අස්ලිය, මා, පුවපල්, රේවති නැකැත්වලින් කිරි වෘක්ෂයත් අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුව සිරස, අද, පුනාවස, හත, සිත, සා, විස, අනුර, පුවසල, දෙනට, සියාවස, උත්‍රපුටුප යන නැකැත් හර වෘක්ෂ ලෙසත් ජ්‍යොතිෂයේ දක්වයි.

දාරක ස්ථානය

කේන්ද්‍රයේ 5 වැන්න පුත්‍ර ස්ථානය ලෙස දක්වයි. එමෙන්ම 2 වැන්නද දරුවන් ගැන බැලීමේදී යොදා ගනියි. පුත්‍ර කාරක ග්‍රහයා ලෙස ගුරු හෙවත් බ්‍රහස්පති දක්වයි. 5 වැන්න අධිපතියා 9 වැන්න අධිපතියා සහ ගුරු යන ග්‍රහයන් බලවත් වූ විට වෘක්ෂ පොරොන්දම සුබ නොවුණත් දරු සම්පත් හිමි වෙයි.

කේන්ද්‍රයේ 5 වැන්න දාරක ස්ථානය හෙවත් ගැන කියන භාවයයි. 5 වැන්න අධිපති ග්‍රහයා දරු සම්පත ගැන බොහෝ දේවල් පවසන එහෙයින් මෙම ලිපිය කියවන ඔබ ඔබේ ලග්නය අනුව හඳුනා ගන්න. උපන් ලග්නය 5 වැන්නාධිපති ග්‍රහයා පහත සටහනින් බලා ගත හැකිය.

 

5 වැන්න අධිපති

 

ලග්නය 5 වැන්න අධිපති ග්‍රහයා

මේෂ - රවි

වෘෂභ - බුධ

මිථුන - ශුක්‍ර

කටක - කුජ

සිංහ - ගුරු

කන්‍ය - ශනි

තුලා - ශනි

වෘශ්චික - ගුරු

ධනු - කුජ

මකර - ශුක්‍ර

කුම්භ - බුධ

මීන - සඳු

 

දරුපල හීන වීම

හත්වැන්නේ දුර්වල ගුරු පිහිටීම හෝ ලග්නයේ ගුරු දුර්වල වීම දරු පල සරු නොවීමට හේතු වෙයි. මේෂ, සිංහ හෝ ධනු රාශියක් 5 වැන්න වී එහි රවි, කුජ, රාහු වැනි පාප ග්‍රහයන් සිටීමත් කිවී 6 වැන්නේ සිටීමත් දරුපල හීන කරයි.

විශේෂයෙන්ම 5 වැන්න අධිපතියා සිටින රාශියට ලැබෙන අසුබ ග්‍රහ දෘෂ්ටිවලින් 5 වැන්න අධිපති දුර්වල වීමෙන් දරු සම්පත් බෙහෙවින් අඩුවෙයි.

5 අධිපති 8 වැන්නේ සිටියදී 12 වැන්න අධිපතිගේ දෘෂ්ටියට ලක් වීමෙන් දරු සම්පත් හීන කිරීමට හේතුවකි. කාන්තා ජන්ම පත්‍රයක අඟහරු හෝ රාහු 5 වැන්නේ සිටීම ගබ්සාවලට හේතු වේ.

 

වඳ භාවය

කාන්තාවක් වඳ භාවයට හේතු වන කරුණු අතරින් කේතු 5 වැන්නේ සිටීම ප්‍රධාන කරුණකි. කේතු වියළි ග්‍රහයෙකි. හකුළුවා දැමීම කේතුගේ ස්වභාවයයි.

කේන්ද්‍රයේ 6,8,12 අධිපතීන් 5 වැන්නේ ඒකරාශිව සිටියදීම 5 වැන්න අධිපති 6,8,12 යන ස්ථානයක සිටීම 5 වැන්නාධිපති ග්‍රහයා රාහු සමඟ යෝගය 8 වැන්නේ සිටීම රවි, කුජ, රාහු 5 වැන්නේ යෙදීම ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍රවල රාහු කේතු ඇතිව හෝ නැතිව සියලු ග්‍රහයන් 3,6,8,12 යන ස්ථානවල යෙදීම වැනි පිහිටීම් ස්ත්‍රීන්ගේ වඳ භාවයට හේතු පාදක වනු ඇත.

 

 ජ්‍යොතිර්වේදී උපුල් ජයශ්‍රී ද සිල්වා

Comments