වෙසක් සිරි­යෙන් රටම බබ­ළයි | සිළුමිණ

වෙසක් සිරි­යෙන් රටම බබ­ළයි

සුවඳ කරමු උතුම් වෙසක්!

මල් පිපිලා මහ පොළවේ දසත සුවඳ කරන වෙසක්
සිල් පිරිලා මෙත් කරුණා ගුණ දරනා මහිම වෙසක්
මල් පිපිලා විල් පතුලේ දියෙන් මතුව නෙළුඹු මලක්
සුවඳ වෙලා එලෙස ලොවම සුවඳ කරමු උතුම් වෙසක්

- ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පූජ්‍ය පාතේ­ගම ඤාණි­ස්සර හිමි


වසර 4කට පසු වෙසක් උත්සවය රට පුරා මෙවර විචි­ත්‍ර­වත් අන්ද­මින් පැව­ත්විණි. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනු­වෙන් ගාලු මුව­දොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනා­ධි­පති කාර්යාල පරි­ශ්‍රයේ තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සල්, සීල­භා­වනා ඇතුළු වැඩ­ස­ට­හන් රැසක් සංවි­ධා­නය කර තිබුණි.

දිව­යිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පූජ­නීය ස්ථාන ආව­ර­ණය වන පරිදි විශේෂ බස් රථ සේවා­වක් වෙසක් කාලය තුළ ක්‍රියා­ත්මක කිරී­මට පිය­වර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩ­ලය පව­සයි. ඒ අනුව වෙසක් සතිය තුළ උදෑ­සන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම ප්‍රවා­හන සේවාව ක්‍රියා­ත්ම­කය.

Comments