ඔබේ සැමියා සැබෑම ආදරවන්තයෙක්ද? එය ඔබම තේරුම් ගන්න | සිළුමිණ

ඔබේ සැමියා සැබෑම ආදරවන්තයෙක්ද? එය ඔබම තේරුම් ගන්න

ආදරය ඉදිරියේ පිරිමින් ගැන තේරුම් ගැනීම බොහෝ දුෂ්කර බැව් බොහෝ දෙනා කිවුවත් සැබෑ ආදරය ඇති පිරිමියෙකුගේ හැසිරීම ගැන ඔබටත් සමහර විට අත්දැකීම් ඇති. සැමියා සහ බිරිය අතර ආදරයේ සන්නිවේදනය මනා ලෙසින් නොගැළපුණොත් එතැන ඇත්තේ පවුලක් තුළම පවුල විතැන් වීමකි. ඒ නිසා පවුලක සහජීවනය පවත්වා ගැනීමේදී සැමියා විසින් පෙන්නුම් කරන මේ ගුණාංග 13 වඩාත් වැදගත් වේ.

 

1. ඔහු ඔබට ඇහුම්කන් දෙයි

අප අතර ඇති වෙන කතා බහක වුණත් දෙපාර්ශ්වය අතර හොඳින් සන්නිවේදනය නොවුණොත් එහි ඇත්තේ නීරස බවකි. පිරිමියෙකු විසින් ඔබ කියන දේ වෙනුවෙන් වැඩි අවධානයක් නොදක්වන්නේ නම් එයින් පෙනී යන්නේ ඇයගේ කතා බහ ඔහුට ප්‍රියමනාප නොවන බවයි.

නමුත් ආචාරශීලි පුද්ගලයා නිතරම බිරිය කියන දෙයට ඉතා හොඳින් ඇහුම්කන් දෙනවා පමණක් නොව හිස සැලීම වැනි ශාරීරික සංඥාවන් මඟින්ද බිරිය කියන දේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වයි. ඒ වගේම ඇය සහ ඇයගේ පවුලේ උදවිය ගැන කථා බහ කරන විට ඔහු සාවධානව ඇහුම්කන් දෙයි. එයින් පෙනී යන්නේ බිරිඳගේ වචනවලට ඔහුගෙන් වටිනාකමක් ලැබෙන බවයි. ඒ වගේම හොඳ සම්බන්ධතාවක් ඇති පිරිමින් කාන්තාව කියන දෙය මේ කනින් අසා අනිත් කනින් පිට කරන්නේ නැත ඒවා ඔහුගේ මතකයේ සනිටුහන් කර ගනී.

2. ඔහු පිළිගැනීමට හැකියාවක් ඇත

ආදරණීය මිනිසෙකුට තම වැරැදි පිළිගත හැකි නමුත් විටෙක එය ඔහුට මානසික පීඩාවකි. ඔහු තම කාන්තාවගේ මතයට ගෞරවයෙන් සලකන අතර එය ඔහුට හිස් පොරොන්දුවක් නොවේ. ඒ නිසා පොරොන්දුවට එකඟ ඔහුගේ ස්ථාවර ගති පැවැතුම් අමතක කිරීමට සිදු වේ. තමන්ගේ මෝටර් රථය කිසිවෙකුටත් අත ගැසීමට ඉඩ නොදෙන ඔහුට බිරිඳ විසින් අනේ මටත් ඩ්‍රයිවින් පුරුදු කරන්න කීවොත් එතැනදී ඇගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකිය. ක්‍රියාව වචන වලට වඩා ඉදිරියෙන් සිටින්නේ එවිටයි..

3. ඔහු සෑම විටම යමක් තහවුරු කිරීමට සූදානම්

පිරිමින්ගේ මොළයේ සැකැස්ම අනුවම ඔවුන් යම් යම් කාර්යයන්හි විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කරනු ලැබේ. ඒ නිසා ඔබට ආදරණීය සැමියෙකු සිටින විට මිටිය කොතැනද හෝ විදුලි බුබුළු වෙනස් කරන්නේ කෙසේදැයි ඇයට විසඳීමට සිදු නොවේ.. ඔහුගේ ප්‍රායෝගික කුසලතා විදහා දැක්වීමටත් ඔහු හොඳ ස්වාමිපුරුෂයෙකු බව ඔප්පු කිරීමටත් මෙය හොඳ අවස්ථාවක් ලෙස ඔහු සලකයි. මෙයින් පෙනී යන්නේ ඔහු නිතරම ඇය වෙනුවෙන් යමක් කිරීමට සූදානමින් සිටින බවයි. තවත් ලෙසකින් මෙහි අර්ථය ඔහුට ඇය වැදගත් බවයි.

4. පවුල් ගස විස නැත

විවාහයකින් පසුව බොහෝ පිරිමින් විසින් සිය බිරින්දෑගේ ඥාතීන් ගැන සලකන්නේ කරදරකාරයන් ලෙසය. එමෙන්ම පුංචි අදහස් හුවමාරුවකදී වුව ඔයාගේ අත්තම්මාත් මෙහෙමයි. “ඔයාගේ තාත්තාගේ හැටි මං නොදන්නවායැ“ යනුවෙන් පවුල් ගහේ මුල ගිය තැන් සෙවීම සාමාන්‍ය ස්වභාවයයි.

එහෙත් යහපත් පිරිමින් එසේ නැත. ඔබට සමීප කවුද..? ඔහුත් ඔවුන් පිළිගැනීමට සූදානමින් සිටී. ඔහු සෑම කෙනෙකුම ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන අතර ඕනෑම වේලාවක ඔවුන් සමඟ අදහස් සන්නිවේදනයට සූදානම්ය. එසේ ඔහු බිරියගේ පාර්ශ්වයේ නෑදෑයින්ට යහපත් ප්‍රතිචාර දක්වන්නේ ඔහු ඇයට ආදරය කරන නිසාත්, ඇගේ පවුලට ගරු කරන නිසා, ඔවුන්ද ඔබගේ ඥාතීන් බවට පත් විය හැකි බව වටහා ගැනීම නිසාය. ඒ නිසා සැබවින්ම ඔහු ආදරණීය සැමියෙකි.

5. ඇඳුම් තෝරාගැනීමේදී ඔහු ඔබේ මතය විමසයි

කාන්තාවන් පමණක් නොව පිරිමි පුද්ගලයෝද ලස්සන පෙනුමට කැමැත්තක් දක්වති. ඔහු බොහෝ විට සිතන්නේ බිරියට හොඳ රසයක් ඇති බවත් ඇය විලාසිතා ගැන මනා දැනුමකින් සිටින බවත්ය. නමුත් මෙම ඇඳුම හෝ පැළඳුම ඔහුට ගැළපෙනවාදැයි ඔබගෙන් විමසා සිටින්නේ ඇගේ තෝරා ගැනීම නිසා සැමියාට ලැබෙන අලංකාරය ගැන බිරිය මවිතයට පත් කිරීමටයි. එයින් පෙන්නුම් කරන්නේ බිරියගේ තේරීම නිවරැදි බැව් පෙන්වා දීමටයි.

6. බිරිය සමඟ එදිනෙදා කටයුතු කිරීමට කැමැතියි

ඔබ අකැමැතිම කටයුත්ත කුමක්ද..? ඇසුවොත් බිරිය සමඟ සාප්පු සවාරි යෑම විය හැකියි. නමුත් යහපත් පිරිමියෙකුගේ මුවින් මෙවැනි පිළිතුරක් ලැබෙන්නේ නැත. බැංකුවට යෑම, අවශ්‍ය දේ මිලට ගැනීම වෙනුවෙන් නගරයට යෑම ඔහු එදා ප්‍රිය නොකරන කටයුතු වුණත් දැන් බිරියගේ සමාගම තුළ හැකි තරම් කාලයක් ගත කිරීමට අවශ්‍ය නිසා ඔහු ඒ වෙනුවෙන් සූදානමින් සිටින්නේය.

7. හට්ටි,මුට්ටි කාන්තාවන්ට පමණක් නොවේ

නි‍ෙවසේ උයන පිහින කටයුතු කාන්තාවන්ට පමණක් යැයි සීමාවක් නැත. සැමියා විසින් තම බිරිය සතුටු කිරීමට ආහාර පිසින්නට සූදානම් නම් එය සැබැවින්ම ආදරණීය බැඳීමකි.

මිනිසෙකු ඔබව සතුටු කිරීමට උයන්නේ නම්, එය ආදරයයි. බොහෝ විට, යමක් පිසීම යනු ඔහුගේ සුවපහසුව හැර යාමයි. ඔහු එය බිරිය වෙනුවෙන් පමණක් කිරීමට සූදානම්. මේ උයන පිහින කටයුතු යම් අසීරුවක් වුණත් බිරිය සතුටු කරනු පිණිස ඔහු ඒ වෙනුවෙන් සූදානමින් සිටින්නේය.

8. ඔහු විනෝද චාරිකා සැලසුම් කරන අතර උපන්දින දින විවාහ සංවත්සර, අමතක නොකරයි

බොහෝ පිරිමින්ට තමන්ගේ බිරියගේ උපන්දිනය මතක නැත. විවාහ සංවත්සරය සැමරීමට තබා එය මතක් කරනවාටවත් කැමැති නැත. දිනයක්වත් ගැන මතකයක් නැත. නමුත් යහපත් පිරිමින්ගේ ජීවිතයේ මෙම දිනයන් ස්වයංසිද්ධව මතකයට නැගෙනවා පමණක් නොව ඒ අනුව ක්‍රියා කිරීමට පුරුදු වී සිටිති. ආදරණීය පිරිමින් මෙම කාරණය සැලකිල්ලට ගෙන ඔබට ප්‍රීතිය ගෙන දෙන අන්දමින් උත්සව පමණක් නොව විස්මයන් (surprises) ලබා දීමටත් සූදානමින් සිටිති.

9. ඔබ ලස්සනයි … සෑම විටම

බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමත් සමඟ ඔවුන්ගේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවීමට පටන් ගනී. තමා ගැන නොසැලකිල්ල, කාලය පිළිබඳ ගැටලු සහ ජීවවිද්‍යාත්මකව සිදු වෙන වෙනස්කම් නිසා මේ අන්දමින් ලස්සන අඩු විය හැකිය.

ආදරණීය සැමියෙක් සෑම විටම ඇගේ අලංකාරය ගැන කතා කිරීමට සූදානම් වන්නේ ඔහු ඇගේ පෙනුමට නොව ඇයට ආදරය කරන බැවිනි.

10. ඔහු ඔබ වෙනුවෙන් සූදානම්

සැමියාගේ ජීවිතයේ ප්‍රමුඛතාවය ඇත්තේ බිරියටයි. ඒ නිසා ඔහුගේ පූර්ව සැලසුම් පවා ඇය වෙනුවෙන් වෙනස් කර ඔබට සතුටක් ගෙන දෙන අතර ඔබ අසනීප නම් වැදගත් රැස්වීමක් පවා අවලංගු කිරීමට ඔහු සූදානම්ය. එය සැබෑ ප්‍රේමයේ ලකුණකි. එයින් පෙනෙන්නේ ඔහුගේ ප්‍රමුඛතාව බිරිය බවයි.

11. ඔහු ඔබගේ ජයග්‍රහණ ගැන ආඩම්බර වන අතර ඔබේ බොළඳ අදහස්වලට සහාය දීමට සූදානම්ය

ආදරණීය කාන්තාවකගේ ජයග්‍රහණ ඕනෑම පිරිමියෙකු විසින් පුද්ගලිකව අගය කරනු ලැබේ. ඔහු කිසි විටෙකත් ඇය සමඟ තරග නොකරන අතර කිසි විටෙකත් ඇයට ඊර්ෂ්‍යා නොකරයි. සැමවිටම ඇගේ ජයග්‍රහණ සැමරීමට උත්සාහ කරයි. ඔබගේ ජයග්‍රහණ ඔහුගේද ජයග්‍රහණ වේ.

12. ඔහු ඇගේ ආදරය වෙනුවෙන් සටන් කරන අතර ඔබ ගැන කරදර වේ

ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්හිදී, රණ්ඩු දබරවලදී හෝ ඔබ යම් දෙයක් ගැන කලකිරී සිටින විට ඔහු මෙය නොසලකා හැරීමට උත්සාහ නොකරයි. ඒ වෙනුවට, ඔහු ඔබේ සම්බන්ධතාවයට නැවත සාමය හා සතුට ගෙන ඒමට උපරිම උත්සාහයක් දරයි. සියල්ලම ඔහු ඔබව නැති වේ යැයි බිය නිසා ය.

ඔබේ ජීවිතය කුමන වෙනසක් සිදු කළත්, ආදරණීය මිනිසෙකු සෑම විටම ඔබ අසල සිටිනු ඇත. ඔබ අසනීපව සිටින විට ඔබ සුවපත් කරනු ඇත. ඔහු සෑම විටම ඔහුගේ සැලසුම්, අභිලාෂයන් සහ සිහින බෙදාගන්නේ ඔහුට ඔබ සමඟ ජීවිතය ගත කිරීමට අවශ්‍ය නිසාය.

13. ඔහු දුර්වල ලෙස පෙනීමට බිය නැත

පිරිමින්ට ඔවුන්ගේ දුර්වලකම් පෙන්වීමට කැමැති නැත. නමුත් ඔහු ඔබට සැබවින්ම ආදරය කරන්නේ නම්, ඔබ ඔහුගේ කඳුළු දැකීම ලැජ්ජාවක් නොවේ. ඔහු සංවේදීය. ඒ සංවේදී බව ඔබ ඉදිරියේ පෙනී ගියොත් එය ගැටලුවක්ද නොවේ. දුක්බර චිත්‍රපටයක් නරඹමින් සිටියදී හෝ කඳුළක් වැටීම එතරම් ප්‍රශ්නයක් නොවේ. ඒ මන්ද කිවහොත් ඔහු සැබෑම මිනිසෙක් නිසාය.

 

පිරිමින් විසින් එළිපිට නොකියන නමුත් ඔවුන්ටත් නොදැනීම ඉස්මතු වෙන ඉහත ගති ගුණ ඇති ඔබට ආදරය කරන කෙනෙක් ඔබේ ලෝකයෙත් සිටිනවාද.?

 

(අන්තර් ජාලය ඇසුරෙන්)

 

Comments