“රූකඩයෙන්” හැඩවුණු රූකඩ දිනෙ ! | සිළුමිණ

“රූකඩයෙන්” හැඩවුණු රූකඩ දිනෙ !

ලෝක රූකඩ දිනයට සමගාමීව ලෝක උරුමයක් වූ ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ පාරම්පරික නූල් රූකඩ කලාව ප්‍රකට කෙරෙන ‘රූකඩ නාට්‍ය ප්‍රසංගය සහ සංස්කෘතික දැක්ම‘ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කමත පරිශ්‍රෙය් දී ඊයේ(21) පැවැත්වුණි.
 
ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 
 
ජාත්‍යන්තර රූකඩ ශිල්පයන් හා කරට කර දස්කම් දක්වන සුලෝචනා දිසානායක මහත්මියගේ යෝධ රූකඩ, ශ්‍රී ලාංකේය රූකඩ නාට්‍ය ක්ෂේත්‍රයේ අගේසර නිර්මාණකරුවා වන ගම්වාරි ප්‍රේමින් කාලකරුවාගේ නුල් රූකඩ නාට්‍ය සංදර්ශනය, රූකඩ කලා කෞතුකාගාරයක් ආරම්භ කරමින් මෙරටට සුවිශේෂී මෙහෙයක් ඉටුකළ සරත් අබේගුණවර්ධන මහතාගේ රූකඩ කලා සංචිතය මගින් ඉදිරිපත් කළ රූකඩ සංදර්ශන මගින් උළෙල හැඩ කෙරිණි. 

Comments