වෙල්ලස්සේ මහ කන්නට එන අමුත්තෝ | සිළුමිණ

වෙල්ලස්සේ මහ කන්නට එන අමුත්තෝ

වෙල්ලස්සේ මහ කන්නයේ වී අස්වැන්න නෙළන කාලයට සෑම වසරකදීම වෙල්යායවල් වල හා වැව් අමුණූ ආශ්‍රිතව පෙයින්ට් ස්ට්‍රෝක් (Paint Stroke) නැමැති විදේශීය සංක්‍රමනික පක්ෂින් විශාල වශයෙන් පැමිණෙයි.
 
ඉන්දියාවේ හිමාලයට දකුණින් නිවර්තන ආසියාවේ තැනිතලා තෙත් බිම් වල සහ අග්නිදිග ආසියාවේ මෙම පක්ෂින් වැඩි වශයෙන් ජීවත් වෙන අතර සතුන් දකුණු ආසියාතිකරයේ රටවල් වල වසර පුරා සංචාරය කරන බව පරිසරවේදින් කියයි.
 
මෙම පක්ෂීන් යාල වනයට මායිම්ව තිබෙන බුත්තල දඹකොටේආර,දඹේ වැව,ගෝනගංආර වැව ඇතුලු ප්‍රදේශයේ වෙල් යායවල් වලදි  මෙම සතුන් සෑම වසරකම වෙල්ලස්සේ මහ කන්නයේ වී අස්වනු නෙළන මාර්තු-මැයි කාලයේ වෙල්යායවල් වලත් වැව් අමුණූ වලත් මත්ස්‍යයින් ආහාරයට ගැනීමට රංචු පිටින් දිවා කාලයේ සැරිසරන අතර රාත්‍රි කාලයේ විශාල ගස් උඩ කුඩු තනා ජීවත්වෙති,
 
අළුයම් කාලයේ කුඹුරු හා වෙල් යායවල් වලට ඉගිළී යන පක්ෂීන් කෘමීන්,පණුවන් ඇතුලු මත්ස්‍යයින් ආහාරයට ගනිමින් දවස ගතකර සවස අදුර වැටෙද්දී ගස් මුදුන් වල තිබෙන කූඩු සොයා ඉගිළී යති.

Comments