ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ඉන්දියාවේ සහාය තවදුරටත් | සිළුමිණ

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ඉන්දියාවේ සහාය තවදුරටත්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තවදුරටත් සහයෝගය දක්වන බව ඉන්දියාව පවසයි.
 
ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (21) සිදුවූ හමුවේදී ඇය මේ පිළිබඳව සදහන් කර තිබේ.
 
ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙ‍ළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම ආදී ක්‍රියාමර්ග කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත.
 
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දීය රජය ගෙන ඇති නායකත්වය සම්බන්ධයෙන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙහිදී අමාත්‍ය සීතාරාමන් මහත්මියට ස්තුතිය පුද කළේය. 
 
එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඉන්දීය රුපියල් මඟින් සිදුකිරීම පිළිබඳවඳ එහිදී අවධානය යොමුව තිබේ.
 

Comments