නීති විද්‍යාල විභායට අදාළ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරාජ වෙයි | සිළුමිණ

නීති විද්‍යාල විභායට අදාළ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරාජ වෙයි

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් පරාජයට පත්විය.
 
ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ දෙසැම්බර් 30 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන්  සංවාදාත්මක තත්ත්වයක් ඇතිවිය.
 
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
 
ඒ අනුව ඡන්ද විමසීමක් කැඳවීමට කතානායකවරයා කටයුතු කරනු ලැබීය
 
මේ අනුව, අදාළ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට එක් ඡන්දයක් හිමිවූ අතර, ඊට විරුද්ධ ඡන්ද 113 ක් හිමිවිය.

Comments